කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතුවලට අදාලව මෙම අත් අඩංගුවට ගැනිම සිදුකර තිබිණි.
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේය නිධන් හෑරීමක් සම්බන්ධව සිදුකරන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිය සම්බන්ධව කරන විමර්ශනයේ දී මෙම අපරාධයට නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ ඇති සම්බන්ධය ගැනත් විමර්ශන කරමින් සිටින බවය.
නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ ගේ බිරිය අත් අඩංගුවට ගනු ලබන්නේ ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටිය දීය. ඇය සමග තවත් පුද්ගලයින් 08 දෙනෙක් පසුගිය 13 වැනිදා පොලිස් අත් අඩංගුවට පත් වුනි. අත් අඩංගුවට ගැනීම සිද්ධ වන්නේ අනුරාධපුර පොලිසිය මගිනි.
අත් අඩංගුවට ගත් සිය බිරිය නිදහස් කරන ලෙස එම අවස්ථාවේ දී නියෝජ්‍ය පොලිස්පතිවරයා දුරකථනයෙන් වැටලීම් කර නිලධාරීන්ට බලපෑම් කර තිබුණු බව වාර්තා විය. එම කරුණු අනාවරණය කර ගැනීම සඳහා අත් අඩංගුවට ගත් සියලුම සැකකරුවන්ගේ දුරකථන අංකවලට අදාල විශ්ලේෂණ වාර්තා ලබා ගෙන පොලිසියට ලබා දෙන ලෙස අදාල දුරකථන සමාගම්වලට අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මින් පෙර නියෝග කර තිබිණි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා අත් අඩංගුවට ගන්නේ ඒ පසුබිමේය.







