සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැලි රැවුල් වැවුන ගමන් තරුණයින් පාතාල අපරාධකරුවන් වීම… රටක් ලෙස අප කරන්නේ කුමක් ද?

by editor
අගෝස්තු 25, 2025
in පුවත්
Shoot
Share on FacebookShare on Twitter

පොලිසිය බරපතල මෙහෙයුම් සිදුකරන බව පොලිස්පතිවරයාම කීවේය.  එහෙත් එක එකා මරාගැනීම් අහවර නැත. අද දවසේ වෙඩිල්ලත් පත්තුවී තිබේ. ඊයේ වෙඩි තබා එකෙක් මරා දැම්මේය. දැලි රැවුල් පැමිණි ගමන් කොල්ලෝ ගිනි අවි අතට ගෙන මිනී මැරීම ආරම්භ කර ඇත.  ඊයේ මරා දැමුනේ 21 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ ඝාතන සිද්ධියට අත් අඩංගුවට පත් වන්නේ අවුරුදු 19 සහ 20 වයස්වල තරුණයින්ය.

ඊයේ  (24) අළුයම මෙම තරුණයා ඝාතනය කරන්නේ සංගීත සංදර්ශනයක් නරඹා පා ගමනින් එද්දීය.    බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනි බුලත්සිංහල මාවතේ දී මෙම ඝාතනය සිදුවන්නේය.  ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මෙම තරුණයා ඝාතනය කර තිබිණි. පා ගමනින් පැමිණි තවත් තරුණයෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා දැන් රෝහල්ගතවය.

සිද්ධිය සම්බන්ධව සිදුකළ විමර්ශනයේදී පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (24) දිනයේදී දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගන්නේය. උන් එම ප්‍රදේශවල පදිංචි අවුරුදු 19-20 වයස්වල පසුවන්නන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට භාර දී ඇත්තේය.

අද (25) අළුයම වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙකු ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදුවන්නේ ඒ අතරය.   වෙඩික්කරුවන්  යතුරුපැදියකින් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබිණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව තිබුණේ නැත. වෙඩි තැබීම  සම්බන්ධව ඔවුන් පොලීසිය වෙත පසුව පැමිණිලි කර තිබිණි.

වෙඩිතැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනයක් ජීව උණ්ඩ 6ක් සහ හිස් පතොරොම් කොපුවක් මෙන්ම සැකකරුවෙකුගේ යැයි සැක කරන ජංගම දුරකථනයක් අදාල ස්ථානයේ තිබී සොයා ගත්තේය.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ වෙඩි තැබීම් පාලනය කරගැනීමට නොහැකි තරමට මේ පාතාල ජාලවල හැසිරීම් විහිදි තිබේ. ප්‍රදේශයේ කුඩු ග්‍රෑම් කීපයක් වැඩිපුර විකුණා ගැනීමට මිනී මරාගන්නා තරුණයින් මතු වී ඇත. උන්ව මෙහෙයවන්නේ රටෙන් පිට සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ය. උන්ගේ ඇම්බැට්ටයන්ය. මිනියක් මරා පොරක් වීම අමුතුම මානසික ව්‍යාධියක් සංවිධානාත්මක අපරාධකරුවන් අතර පැතිරෙමින් තිබේ. මරන්නේ කවරෙක් ද යන්න හෝ උන්ට ගැටලුවක් නැත.

ඊයේ අත් අඩංගුවට ගත් ඝාතකයෙක් සහ පැදිකරුවෙක් පිළිබඳ කතාව මේ පාතාලයේ හැසිරීම යළිත් අපට තහවුරු කොට පෙන්වා දෙයි.  පසුගිය 03 වැනිදා ගන්දර පොලිස් වසමේ කපුගම ප්‍රදේශයේදී සිය නිවසේ සිටි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය     සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු  ඊයේ (24) පොලිස් අත්අඩංගුවට පත් විය. විමර්ශන මෙහෙයවා තිබුණේ  මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගිනි. පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගන්නේ වැල්ලම්පිටිය සහ ගණේමුල්ල පොලිස් වසම්වලදී ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී අපරාධය සඳහා පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිකරුය. ඝාතනය සඳහා ඔවුන් යොදා ගනු ලැබූ යතුරුපැදියද පොලිස් භාරයට පත් විය. සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී විදෙස් රටක සැඟවී සිටින පරාධකරුවන්ගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබිණි.

ඝාතකයින් කර ඇත්තේ කුලී කොන්ත්‍රාත්තුවකි. මරන්නේ කවුද කුමක් නිසාද යන්න උන් දන්නේ නැත. අප බියපත් කරන්නේ මේ තත්ත්වය ය.

මේ වනවිට මේ සංවිධානාත්මක අපරාධකරුවන් ද ස්වකීය උපක්‍රම වෙනස් කරමින් සිටී. පොලිස්පතිවරයා කීවේ ඉන්නා රටින් වෙනත් රටවලට පැන පැන උන් ඉන්නා බවය. මේ වනවිට ජපානය තුළ ගණේමුල්ල සංජීවගේ කුප්‍රකට ගෝලයෙක් වූ  දිප්පිටිගොඩ ලහිරු ඇතුළු පාතාලයින් දස දෙනෙකුට වඩා පිරිසක්  පැමිණ සිටින ආකාරය ජපානයේ ශ්‍රී ලාංකිකයින් විසින් වාර්තා කරමින් ඇත. එම පිරිස අතර රටට කුඩු කිලෝ හාරසියකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කර අත් අඩංගුවට ගත් යාත්‍රාවක හිමිකරු ද සිටින බව වාර්තා වී ඇත.  ඩුබායි රාජ්‍යයේ සිට මේ පිරිස් මේ වනවිට විතැන්වන ප්‍රධාන ස්ථානයක් වී ඇත්තේ ජපානය බව පෙනී යන බව එම පිරිස් පවසති.

දිප්පිටිගොඩ ලහිරු ඇතුළු කණ්ඩායම ජපානයේ ශ්‍රී ලාංකික අවන්හලක් විවෘත කර විවෘත කළ දින දෙක තුළ රුපියල් කෝටි ගණනක් වියදම් කර පැවැත්වූ සාදයක් ගැන ඔවුහු වාර්තා කරති.

අප හිතනවාට වඩා තත්ත්වය බරපතලය. නව පොලිස්පතිවරයාට ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු අභියෝග ගණනාවක් තිබේ. පාතාලය මුලින් උපුටා දැමීමේ ආතල් කතාව ප්‍රායෝගික කිරීමට බොහෝ ශ්‍රමයක් කාලයක් මෙන්ම අවංක කැපවීමක් සම්බන්ධ අපේක්ෂාවක් ඇත. අපේ පොලිසිය ඊට සූදානම් දැයි තවම අපට වැටහීමක් නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍ය වැඩ වර්ජනය අත්හැරිය බව GMOA නිවේදනය කරයි!

Next Post

බිරියගේ නිධන් හෑරීමේ සිද්ධියට කොළඹ දිසාව භාර  DIG උදිත ලියනගේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.