සෞඛ්‍ය ක්ෂේත්රයේ ඕනෑම වෘත්තිය සමිතියක් අභූත චෝදනා එල්ල කරමින් තමන්ව බිත්තියට හේත්තු කර මස් රාත්තලම ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් තමන් ගෙන් ඊට කිසිදු ඉඩක් නොලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේය.
මහනුවරදී අද (02) මාධ්‍ය හමුවක් කැඳවා ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
රටේ මිලියන 22 ක ජනතාව සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රය දෙස බලා සිටින බව මෙම සංගම් තේරුම් ගැනීම වැදගත් බවත් තමන්ගේ බලය රැක ගැනීමේ පටු අරමුණ වෙනුවෙන් වෘත්තිය සංගම් ක්‍රියාත්මක නොවිය යුතු බවත් ඇමතිවරයා කීවේය.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහළ සිට පහළට සියලු දෙනා සුවිශාල කැපවීමක් කළ බවත් එයට මේ රටේ ජනතාවගේ ගෞරවය හා ආදරය නිරන්තව ඔවුන්ට හිමිවන බවත් කී ඇමතිවරයා පටු අරමුණු වෙනුවෙන් ජනතාව පීඩාවට පත්වන ආකාරයේ වෘත්තිය ක්‍රියාමාර්ගවලට ගොස් සෞඛ්‍ය ක්ෂේත්රයට කළු පැල්ලම් එක් නොකරන ලෙස තමන් වෘත්තිය සංගම් වලින් ඉල්ලා සිටින බවද අවධාරණය කළේය.
සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තමන් කිසිසේත් පසුබට නොවන බවත් නැති ප්‍රශ්න මතුකර ඒවා පදනම් කර ගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ග වලට යොමු වීමෙන් ජනතාව පීඩාවට පත්වන බව ඒවා මෙහෙයවන පුද්ගලයින් තේරුම් ගත යුතු බවත් ඇමැතිවරයා කීය.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයක් කරමින් හෙට (03) තම මධ්‍යම කාරක සභාව රැස් කරන බවත් එහිදී සාකච්ඡා කර දීප ව්‍යාප්ත වර්ජනයක් දක්වා සිය වෘත්තිය අරගලය යළි ආරම්භ කරන බවත් කියා සිටියේය.
GMOA තාවකාලිකව වර්ජනය නවත්වයි… ජනවාරි 03 යළි අරඹන බව කියයි….