දිනසේන රතුගමගේ
යාපනයට බිත්තර තිස් දහසක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් මාන්කුලම ප්‍රදේශයේදී පාරේ නවතා තිබූ ලොරියක ගැටීම නිසා අද ( 13 ) රියසහායකයා ජීවිතක්ෂයට පත් වී රියදුරු බරපතල තුවාල ලබා ප්‍රවාහනය කළ බිත්තර තිස් දහස විනාශ වී තිබේ.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කිළිනොච්චිය පලෙයි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එස් රාමේස්වරන් නැමති අයෙකි.
අලුයම් කාලයේදී අධික මීදුම නිසා පාරේ නවතා තුබූ ලොරිය වෑන් රථයේ රියදුරු විසින් හරි හැටි නොදැකීම මේ අනතුරට හේතුව වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.
මියගිය පුද්ගලයාගේ මල සිරුර කිළිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් තිබිණි. බරපතල ලෙස තුවාල ලැබූ වෑන් රථයේ රියදුරුද එම රෝහලේම ප්‍රතිකාර ලබයි.









