පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ තමන්ගේ රට වූ ඇමරිකාවේ සිට අද (05) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
එළඹෙන මැතිවරණය ඉලක්ක කරගෙන සිදුකරන සංවිධාන කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණෙන බව පොදු ජන පෙරමුණ මින් පෙර නිවේදනයකර තිබිණි.
බැසිල්ව පිළිගැනීම සඳහා පොහොට්ටු කණඩායමක් අද ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.