පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (09) උදෑසන දිවයිනෙන් පිටවී ගොස් තිබේ.
ඔහු සමග ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් මේ ගමන ගොස් ඇත. ඔහුගේ ගමනාන්ත ඇමරිකාව බවත් සිය ගම් රට දැක ගැනීමට ඔහු ගොස් ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මේ ගමනට පෙර ජනධිපති සහ අගැමැතිවරයා සමග ඔහු විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන ජනවාරි මස 15 වන දා දක්වා කාලය තුළ විදෙස්ගත වීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 02 දා අවසර ලබා දී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ප්‍රකාශ කරන්නේ ඔවුන් දෙදෙනා ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් රට මුහුණදී ඇති බරපතළ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් සේ නම් කොට ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පදනම් කරගනිමිනි.