පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට මේ වනවිට සහන සැලසීමට ඉදිරිපත්ව සිටින ඉන්දියාව ශ්‍රි ලංකාවෙන් ඉල්ලීම් ගණනාවක් කර ඇති අතර එම ඉල්ලීම් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය ගමනට පෙර සම්පූර්ණ කිරීමට රජය මේ වනවිට කඩිනමින් ක්‍රියා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රි ලංකාව මේ වනවිට ඉල්ලා ඇති ප්‍රබල ඉල්ලීම් අතර රටේ පවතින ආර්ථික අරබුදය හමුවේ ගත යුතු කෙටි කාලීන පියවර සහ ඉදිරියේදි ඉන්දියානු ව්‍යාපෘති කිහිපයක් සඳහා අවශ්‍ය පියවර ගැනීම බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතු ඉන්දීය විදේශ අමාත්‍ය ජේ ජයශංකර් විසින් යම් මඟ පෙන්වීමක් ලබා දී ඇති බව පැවසෙන අතර ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියෙල් අගය පා කිරීමට තීරණය කිරීම , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා පියවර ගැනීම එලෙස ඉටු කරන ලද පොරොන්දු අතර පවතින බව සඳහන් වේ.
මීට අමතරව උතුර සහ නැගෙනහිර පවතින ප්‍රශ්න පිළිබඳව දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කොට රජය එකඟතාවකට පැමිණිය යුතු බවටද ඉන්දිය පාර්ශ්වයෙන් ඉල්ලීමක් සිදුව ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි කණ්ඩායම අතර සාකච්ඡාවක් ලබන 15 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට ද කටයුතු යෙදී ඇති බව සඳහන් වේ. උතුර සහ නැගෙනහිර පළාතේ ආයෝජන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා මෙන්ම ආරක්ෂක අභ්‍යාස වැඩසටහන් සඳහා යෝජනා කිහිපයක් ඉන්දියාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර මේ වනවිට ඒ සඳහාද අවශ්‍ය පියවර ගනිමින් පවතින බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මේ වනවිටත් සාම්පූර් හි මෙගවොට් 100ක සූර්ය බල ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කොට ඇති අතර එහි ඉන්දීය එන්ටීපීසී ආයතනය සහ ලංකා විදුලි බල මණ්ඩලය එක්ව නිර්මාණය කළ ආයතනයක් මඟින් එය සිදු කිරීමහට සැලසුම් කර ඇත. සාමපූර්හි ගගල් අඟඏුරු බලාගාරයක් මෙනම් ස්වාභාවික ද්‍රව වායු බලාගාරයක් ඉදි කිරීම සඳහාද මීට කලින් ඉන්දියාව ඉල්ලීම් කර තිබූ අතර පසුගිය මෛත්‍රිපාල සිරිසේන රජය එය අවලංගු කළේය.