පිළියන්දල – මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි බංග්ලාදේශ ජාතික භික්ෂූන් වහන්සේ නමක් පැහැරගෙන ගොස් හාලිඇල ප්‍රදේශයේ අතහැර දමා සිටිය දී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම බංගලාදේශ ජාතික හිමිනම ඊයේ (12) යම් කිසි පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට පොලිසියට වැඩම කරමින් සිටිය දී මෙම පැහැරගැනීම සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
පැහැරගැනීම සිදුකළ මැරයින් භික්ෂූන්වහන්සේ ගේ මුහුණ ආවරණ කර දෑත් බැඳ වෑන් රථයක දමාගෙන රැගෙන ගොස් ඇත. අනතුරුව හාලිඇල ප්‍රදේශයට රැගෙන ගොස් අත්හැර දමා තිබේ.
අතරමං වී සිටි මෙම විදේශික හිමිනම ගැන පොලිසියට දැනුම් දී ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරෙකි. පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
.