පසුගිය සති කිහිපය තුළ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් ශීතකරණවල ගබඩා කර ඇති මස් සහ කිරි නිෂ්පාදනවල ගුණාත්මක බව සම්බන්ධ විශාල ගැටලුවක් මතු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පවසති.
පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලිවලට අනුව කළ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර ශීත කළ ආහාර වෙළෙඳපොළේ අලෙවි කළ වෙළෙඳුන් 387 දෙනෙකුට එරෙහිව පසුගිය දෙසතිය තුළ නීතිමය පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් කියයි.
මේ හේතුවෙන් ශීතකළ ආහාර මිලදී ගැනීමේ දී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන පරීක්ෂවරු පාරිභෝගික ජනතාවට දැනුම් දෙති.