අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බය වෙන්න එපා… හමුදාවෙ පොලිසියේ සියයට 98ක් අරගලය එක්ක… ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා

මේ නටන නැටුම් ඔක්කොම උපරිමයෙන් තව අවුරුදු දෙකයි... ඒ නිසා හිරගෙවල්වලට බය වෙන්න එපා...

by editor
සැප්තැම්බර් 16, 2022
in පුවත්
sarath
Share on FacebookShare on Twitter

පොලිසියෙන් සියයට අනූ අටක් හමුදාවෙන් සියයට අනූ අටක් විශ්‍රාමික රණ විරුවන්ගෙන් සියයට සීයක් සිටින්නේ අරගලය පැත්තේ බවත් මේ දේශපාලන කෙළි සියල්ලම අවුරුදු දෙකකින් නිමාවෙන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කීවේය.

ඔහු මේ බව කීවෙ අද (16) හයිඩ් පිටියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා රැළිය අමතමිනි. මෙම රැළියට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, සමගි ජනබලවේගයේ නියෝජ්‍ය නායකයා වශයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පොහොට්ටුවෙන් වෙන් වී ගිය ඩලස් පිල නියෝජනය කරන  නීතිඥ වසන්ත යාපා බණ්ඩාර ඇතුළු දේශපාලකයින් ද  ක්‍රියාකාරී වෘත්තීය සමිති නායකයින්, බහුජන ව්‍යාපාර නායකයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් ගණනාවක් ද එක් වී සිටියහ.

දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග සහිතව රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ, අන්තර්විශ්විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම  හිමි, හෂාන් ජීවන්ත ගුණතිලක තිදෙනාගෙන් ද අවසර ගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  කීවේ පක්ෂ පාට භේද නැතිව ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් එක් විය යුතු කාලය එළඹ ඇති බවය. පක්ෂයට ලද ආරාධනයක් ලෙස මෙතැනට පැමිණියත් මේ තමන් මේ ජන හමුව අමතන්නේ නිර්පාක්ෂික පුරවැසියෙක් ලෙස බව ෆීල්ඩ් මාර්ෂල්වරයා කීවේය.

ජන හමුව අමතමින් සරත් ෆොන්සේකා මෙසේ ද පැවසීය.

“රට වෙනුවෙන් දැක්මක් සහිත උන් පාර්ලාමේන්තුවෙ නෑ. ඔබ ඉල්ලන  වෙනස ඔය පාර්ලිමේන්තුවෙන් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න යම් චින්තනයක් බුද්ධියක් තියන අය එය තේරුම් ගනිමින් ඉන්නවා.  ඒ නිසා තමයි යම්    වසන්ත බණ්ඩාර වැනි මන්ත්‍රීවරු අද මෙතන ඉන්නේ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ අරගලය   මාර්තු මාසයෙ    පටන් ගත්තු දවසෙ ඉඳලා මා ඊට ආශීර්වාද කළා. ඉදිරියටත් කරනවා. ඒක මම කළේ පාට පක්ෂ භේදයක් නැතිව.“

“අරගලය කඩා වැටුනේ අරගලයට නායකයෙක් හිටිය නැති නිසා නෙමෙයි. අරගයට අඩිතාලමක් තිබුණේ නෑ. අනිවාර්යයෙන් ඉදියේ දි මේ අරගලයට වෛද්‍යවරු උගත්තු නීතිඥවරු ව්‍යවසායකයින් ඇතුලු  සියලු දෙනාම එකතුවෙලා   අඩිතාලමක්  දාන්න ඕන. එහෙම කළොත් අරගලයේ දරුවන්ට ඉස්සරහට යන්න පුලුවන්. ගෙදරක දෙමව්පියො වගේ මේ අරගලය පසුපස වැඩිහිටියො හිටගන්න ඕන. එහෙම උනොත් මේ අරගලය දිනනවා.“

“පොලිසියෙන් සියයට අනූ අටක් හිටන් ඉන්නෙ අරගලය පැත්තේ.  තනතුරු ලාභ අපේක්ෂාවෙන්  ඉන්න පොලිසියෙ සුළුතරය්    මූණු  අපි දන්නවා. ඔයගොල්ලන්ගෙ  කාලෙ තව අවුරුදු දෙකයි. අපි දැක්කා වාස් ගුණවර්ධන කොහොමද නැටුවෙ. අනුර සේනානායක කොහොමද නැටුවෙ කියාල. කොහොමද ඒ අය ගෙදර ගියෙ කියලත් දැක්කා.“

“කිසි දේකට බය වෙන්න එපා. නැවත කියනවා… පොලිසියෙන් සියයට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවල සියට අනූ අටක් අපි එක්ක ඉන්නවා. හමුදාවෙන් විශ්‍රාම ගිය සියයට සීයක් අපි එක්ක ඉන්නවා. “

“මේ ජයග්‍රහණය කරන්න අපි පාට පක්ෂ භේදයකින් තොරව එකතු වෙනවා. එතන පෙරටුගැමීනුත් ඉන්න ඕන. අන්තරෙත් ඉන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න ඕන. රටේ සියලු දෙනා මේ විප්ලවයෙදි පක්ෂ න්‍යාය පත්‍ර අමතක කරලා ජාතික න්‍යාය පත්‍රයකට කැප වෙන්න.“

“ලේ දහදියට බය වෙන්න එපා. හිර ගෙවල්වලට බය වෙන්න එපා. අවුරුදු දෙකයි ඔක්කොම සෙල්ලම් දාන්න පලුුවන්. තමුන්නාසෙලා එක්ක අපි ඉන්නවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගලයින් 97 14 471කට ‘ගෝල්ඩන් කාර්ඩ්’

Next Post

ඩිජිටල් ඔත්තු බැලීම් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.