ජම්මු කාශ්මීරයේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ලබා අරමුණින් ඉන්දීය රජය ක්‍රියාත්මක ‘ආයුෂ්මාන් භාර්ත් යෝජනා ක්‍රමය’ යටතේ ‘ගෝල්ඩන් කාර්ඩ්ස්’ සඳහා පුද්ගලයින් 97 17 471ක් ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන බව රජය සඳහන් කරයි.
මේ යටතේ සිය සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් නොමැති දුප්පත් පුද්ගලයින් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් සඳහා හොඳ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සැලසේ. පුද්ගලයින් ලක්ෂ 75ක් අතරින් 97 17 471ක් රජය ඉලක්ක කරගෙන සිටියි.
ජම්මු කාශ්මීර් හි ගෝල්ඩන් කාර්ඩ් ව්‍යාපාරය සිදු කරන නිළධාරීන් පවසන්නේ අනුමත පවුල් 25 05 625 අතරින් පවුල් 22 14 102ක, අඩුම එක් පුද්ගලයෙකුට හෝ ‘ගෝල්ඩන් කාර්ඩ්’ එකක් අයිති බවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ ගෝල්ඩන් කාර්ඩ් හිමිකරුවන්ගේ වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ඇතුලු වෛද්‍යමය අවශ්‍යතා සඳහා ලක්ෂ 5ක් දක්වා වියදම රජය දරනු ලබයි. එය දුප්පත් ජනතාවට විශාල පහසුවක් වෙන අතර වැඩි වියදමක් වැයවන පරීක්ෂණ කර ගැනීමටත්, ඖෂධ ලබා ගැනීමටත් හැකි වූ බව ජනතාවට සඳහන් කරයි.