කොලරාඩෝ හි අද (02) පැවති එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානය කළ උත්සවය අතරදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පය පැකිලී ඇදමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ ඇදවැටීම සිදුවන්නේ උපාධිධාරී ශිෂ්‍ය භටයින් 921 දෙනෙක් වෙත අතට අත දීම සඳහා ජනාධිපතිවරයා පැය එක හමාරක් පමණ සිටගෙන සිට නැවත ගමන් කරද්දී පය පැකිලී ඇද වැටී තිබිණි. ජනාධිපතිවරයාගේ ටෙලි ටෙලිප්‍රොම්ප්ටට ආධාර ලෙස පැවති කළු පැහැති වැලි කොට්ටයක පය පැකිලී ජනාධිපතිවරයා ඇද වැටුණු බව වාර්තා වේ.
ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ මීට පෙර පැවසුවේ “ඔහු හොඳින්” යනුවෙනි.
ඇදවැටීමෙන් ටික වේලාවකට පසු උත්සවය අවසන් වන විට ඔහු සහය නොලබා ආපසු සිය අසුන වෙත ගමන් කරන අතර පසුව ඔහුගේ රථ පෙළපාලිය වෙත ආපසු දුවමින් ගමන් කළ බවත්, එදින සවස ධවල මන්දිරයට ආපසු පැමිණෙන විට ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ට සිනා මුසු මුහුණින් සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.