දිනසේන රතුගමගේ –
ඉන්දියාව හා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල අතර සිදු වන ගුවන් ගමන් කටයුතු මේ මස මැද භාගයේ සිට සතියේ දින හත පුරාම ක්‍රියාත්මක කිරීමට ඉන්දීය ගුවන් සේවා සමාගම් කටයුතු යොදා ඇත.
මේ වන විට ඉන්දියාව හා යාපනය අතර සතියකට දින හතරක් පමණක් ගුවන් යානා පැමිණීම හා පිටත්ව යාම සිදු වෙයි.
ඉන්දියාව හා යාපනය අතර සතියේ දින හත පුරාවටම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළට ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අමාත්‍යංශයෙන්ද අනුමැතිය ලැබී ඇති අතර ඉදිරි කාලයේදී යාපනය හා ඉන්දියාව අතර ගමන් කරන ගුවන් යානා සංඛ්‍යාව වැඩි කිරීම කෙරෙහිද අවධානය යොමු වී තිබේ.
කෙසේ වෙතත් ඉන්දියාවේ චෙන්නායි සිට යාපනයටත් යාපනයේ සිට චෙන්නායී නුවරටත් ගමන් ගන්නා ගුවන් මගීන්ගේ සංඛ්‍යාව පසුගිය දින කීපය තුළ වඩාත් ඉහල ගොස් තිබුණි.
මේ අතර ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කොට තිබුණේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා ඉන්දීය රජයෙන් ඉල්ලා ඇති ණය මුදල ලැබුණු වහාම ගුවන් තොටුපල තුළ දැනට ඇති පහසුකම් වඩාත් සංවර්ධනය කරණ බවයි.