ලලිත් චාමින්ද
බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ තනතුරු 71කට අදාලව නිලධාරින් 1,617කගේ පුරප්පාඩු පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.
මෙකි තනතුරු අතුරින් සහකාර බන්ධනාගාර අධිකාරි ( පිරිමි ) 31,නෙකු කළමනාකාර සේවා නිලධාරින් 33,නෙකු, හෙද නිලධාරි 40නෙකු, දෙවැනි පෙල ජේලර් (පිරිමි ) 75 දෙනෙකු, සැරයන්වරු 288 දෙනෙකු, බන්ධනාගාර නියාමකවරු 648 දෙනෙකු ගේ පුරප්පාඩු පවතින බවද එකි වාර්තාවේ සදහන් වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දිනට අනුමත නිලධාරින් සංඛ්‍යාව 7872කි. කෙසේවුවද තනතුරු 05කට අදලාව අතිරික්ත නිලධාරින් 13 දෙනෙකු සිටින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මානව සම්පත් ප්‍රමාණවත් පරිදි නොමැතිවීම නිසා බන්ධනාගාර අභ්‍යයන්තර ආරක්ෂාව හා ක්‍රියාකාරිත්වයට ද මෙය බාධාවක් වී ඇත.