අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතක් අහිමි කළ යාපනය රෝහල් හෙදියගේ විදෙස් ගමන් තහනම්

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ අට හැවිරිදි පාසල්  ශිෂ්‍යාවගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම වාට්ටුව බාර හෙදියගේ විදෙස් ගමන් තහනම් කිරීමට යාපනය මහේස්ත්‍රාත්වරයා 7 දා නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කලේ දැරියගේ පියා ඇතුළු පිරිසක් එම හෙදියට එරෙහිව යාපනය අධිකරණය වෙත ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවය.

යාපනය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවේ හෙදියක් වන  ජනනි රමේෂ් නැමැත්තිය මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර  ඇයගේ නොසැලකිල්ල හා වැරදි ලෙස එන්නතක් ලබා දීම හේතුවෙන් දැරියගේ අත කපා ඉවත් කිරීමට සිදු වූ බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් වෛද්‍යවරු දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් කැඳවා ඇති අතර ඔවුන්ගේ වාර්තාව මේ වන විට ලබා දී අවසන්ව ඇතත් වරදකරුවන් සම්බන්ධයෙන් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තොරතුරු හෙළි නොකිරීම නිසා යාපනය රෝහල ඉදිරිපිට විරෝධතා කීපයක්ම සංවිධානය කොට තිබුණි.

වරදකරුවන් හෙළි නොකිරීම නිසා රෝහල ඉදිරිපිට ඊට එරෙහිව විරෝධතා දක්වමින්…

උතුරු පළාත් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂවරයා ආණ්ඩුකාරවරියගේ සහාය ඇතිව එම විරෝධී කණ්ඩායම් පොලිසිය යොදවා ඉවත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයාගෙන් මේ ප්‍රශ්නයට සාධාරණයක් ඉල්ලා යාපනයේ වැසියන්ගෙන් පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලීසිය විරෝධතාකරුවන් ඉවත් කළද ඔවුන් යාපනය නගරයේ කෑ කෝ ගසමින් සාධාරණයක් ඉල්ලා පෙලපාලි ගියහ.

පොලිසියේ මැදිහත්වීම මත  එයද අසාර්ථක වීමෙන් පසුව යාපනයේ පිරිසක් දැරියගේ පියා හා ඥාතීන් කීප දෙනෙකු කැටුව යාපනය අධිකරණය වෙත ගොස් අධිකරණයේ ගොනු කළ නඩුවක් හේතුවෙන් හෙදියගේ විදෙස් ගමන් තහනම් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ නඩුව නඩුව මේ මස  18 වැනිදාට විභාග කිරීමටද  යාපනය  අධිකරණය පියවර  ගෙන තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 12ක වාහන බදු ආදායමක් වංචනිකව අවභාවිත කරලා

Next Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 1617ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.