ලලිත් චාමින්ද
මෙරට බන්ධනාගාර 27ක වැසිකිළි 187ක හිගයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් බන්ධනාගාර දේපාර්තමේන්තුව සම්බන්දයෙන් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.
2023 වර්ෂයේ අප්‍රේල් මස 30 වන දින වන විට වැසිකිළි 187ක හිගයක් පැවති අතර දැනට තිබෙන වැසිකිළිවලින්ද 278ක් අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම අනුරාධපුර,කළුතර සහ කෑගල්ල, බන්ධනාගාරවල සිදුකළ භෞතික පරික්ෂාවලදි සිර වාට්ටු,සිරකුටි, සිරමැදිරි අබලන් තත්ත්වයේ පවතින අතර වැලිකඩ බන්ධනාගාරයේ ඩි. චැපල් වාට්ටු පරිශ්‍රයන්ද අබලන් තත්ත්වයේ පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දිනට බන්ධනාගාර ධාරිතාවය අනුව රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 11,291ක් වුවද එය ඉක්මවා රඳවා සිටි රැඳ වියන් සංඛ්‍යාව 14,885කි. බන්ධනාගාර 27ක සංඛ්‍යාත්මක තොරතුරු අනුව ධාරිතාවය ඉක්මවූ රැඳවියන් සංඛ්‍යාවේ පරාසය 62 සිට 1,907 දක්වා ඉහළ ගොස් ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.







