අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්දුල  ගුවන්විදුලිය සහ රූපවාහිනිය එකතු කර පොදු සමාගමක් හදන්න යයි…

වැඩේට කැබිනට් අනුමැතියත් ලැබිලා...

by editor
නොවැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය   බන්දුල ගුණවර්ධන  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන්නේ  ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බව ඇමතිවරයා සභාපතිත්වය දරන ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක  සභාවේ  දී නැවතත් තහවුරු වීමෙන් අනතුරුවය.

2015 සිට සංඛ්‍යා ලේඛන ඉදිරිපත්කරමින් මෙම නාලිකා දිවිත්වය අලාභ ලබා ඇති ආකාරය සභාපතිවර බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 277ක්ද  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 2023 වසරේ මේ වන විට රුපියල් මිලියන 457ක් අලාභ ලබා ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තවදුරටත් මහා භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීමට අපහසු බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍ය මගින් ප්‍රමාණවත්  ප්‍රචාරණයක් ලබා නොදෙන බව කාරක සභාව තුළ අදහස් පලවිය. සංවර්ධනයට ලක්විය යුතු ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදී විවිධ දෑ හේතුවෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍ය මගින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු මහජනතාවට ලැබී ඇති පහසුකම් පිළිබඳවද රාජ්‍ය මාධ්‍ය මගින් දැනුවත් කිරීම සිදු කළයුතු බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී සමාජ සංස්කෘතියට, පුද්ගල සෞඛ්‍යට හානිවන අයුරින් මාධ්‍ය මගින් සිදු කරන ප්‍රචාරණ කටයුතු  නියාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමර්ග පිළිබඳ වාර්තාවක් සකසා කාරක සභවට ලබා දෙන ලෙස සභාපතිවරයා විසින්  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ලදී.

මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන   ශාන්ත බණ්ඩාර,   ජානක වක්කුඹුර,  ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   වේලුකුමාර්,   (මහාචාර්ය) චරිත හේරත්,   සංජීව එදිරිමාන්න,   ගුණතිලක රාජපක්ෂ,   සුදත් මංජුල     ඇතුලු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති විකුණා ඩෙන්මාර්ක් රැකියා පෙන්නමින් මුදල් ගැරූ ජාවාරම් කරුවන් ගැන විපක්ෂ නායක අගමැතිගෙන් විමසයි!

Next Post

තව අවුරුදු 07ක් තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන අධ්‍යාපන මාධ්‍ය කරගත් විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්… ජනපති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.