අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදු වැඩිකිරීම කිසිම දේශපාලකයෙකුගේ කැමැත්ත නොවේ… මගේ තැන හිටියා නම් ඔබ ගන්න තීන්දුව කුමක් ද?. ජනපති අසයි!

මේ මොහොතේ ගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනපති සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි...

by editor
දෙසැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බදු වැඩි කිරිම සම්බන්ධව ගත් තීන්දුව අතිශය අපහසු තීන්දුවක් වූ බවත්, මෙම අසීරු තින්දුව සාකච්ඡාවට ගැනුණු මුල් අවස්ථාවේ දී  කැබිනට් මණ්ඩලයේ කිසිවෙක් ඊට කැමති නොවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ජනප්‍රියබව හීනවන බදු ඉහළ දැමීම වැනි තීන්දු ගැනීම පුද්ගලිකව දේශපාලන ගමනට බාධාවක් වුව ද දේශපාලනයේ ජනප්‍රියවාදය පසෙක ලා වැට් බදු වැඩිකීම සම්බන්ධ තීන්දුව ගැනීමට සිදුවූයේ  වෙනත් විකල්පයක් නොමැති නිසා බව ද ජනාධිපතිවරයා කීවේය.

“ මගේ තත්ත්වයේ ඔබ හිටියොත් ඔබ ගන්න තීන්දුව කුමක් ද?. ජනාධපතිවරයා රැස්ව සිටි පිරිසගෙන් විමසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දීර්ඝ පැහැදිලි කිරීම කළේ  මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ එක් වෙමිනි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

“කරළිය” නව රංග ශාලාව ඉදිකිරීමත් සමඟ 21 වන සියවසට අදාළ ගොඩනැගිලි ආකෘතිය මහනුවර නගරයට ලැබී තිබෙනවා. මෙවැනි ගොඩනැගිලි මෙරට සංස්කෘතියේ කොටසක් වෙනවා. මෙම නගරය අ‍පේ ඉතිහාසයේ කොටසක්. එම ඉතිහාසය අපේ සංස්කෘතියේ, සංචාරක කර්මානතයේ කොටසක් බව ද කිවයුතුයි.

මේ ආරම්භ කර තිබෙන මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණ, උත්සව පවත්වන්න හැකියාව තිබෙනවා. මේ නිසා මහනුවර පුරවරයේ වැදගත්කම තවත් වැඩිවී තිබෙනවා. ඒ වගේම නවීන පුස්තකාලයක් මහනුවරට ලබා දෙන්න අප බලාපොරොත්තු වෙනවා. බෝගම්බර වැඩසටහන යටතේ තුන්මහල් හෝ සිව්මහල් පුස්තකාල ගොඩනැගිල්ලක් ලබාදීමට කටයුතු කරනවා. ඒ අනුව දැනට තිබෙන ඩී .එස්. සේනානායක පුස්තකාලය එම ස්ථානයට ගෙන ගිය විට මෙතන තිබෙන පුස්තකාල ගොඩනැගිල්ල   මෙම රංග ශාලා ගොඩනැගිල්ලට එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වගේ ඉඩ පහසුකම් තිබෙන තැනක් බවට මෙම ස්ථානය පත් කළ හැකියි.

මහනුවර සංවර්ධන වැඩසටහන ලබන වසරේදී ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඇති කිරීමටත් ලබන වසරේදී වැඩ ආරම්භ කරනවා. ගොපල්ලව මාවතේ තනි තට්ටුවේ නිවාස තවම තිබෙනවා. එම නිවාස ඉවත් කර අඩුම තරමේ තුන්මහල් නිවාස ඉදිකිරීමට කටයුතු කළ යුතුයි. ඉදිරි වසර පහක කාලය තුළ එම කටයුතු අවසන් කළ යුතුයි.

ඒ අනුව නවීන මහනුවර පුරවරයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එහි පළමු වැඩකටයුතු ලබන මාසයේදී ආරම්භ කරනවා.මෙය   මීට පෙර කරන්න තිබුණු දෙයක්. නමුත් රටේ පැවැති ආර්ථික අර්බුදය නිසා එම කටයුතු ප්‍රමාද වුණා. රටේ බංකොළොත්භාවය නිසා සංවර්ධන ව්‍යාපෘති නතර වුණා.

රට බංකොළොත් වුණාට පසුව අපට කණ්ඩායම් දෙකක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණා. රටවල් ගණනාවක් අපට ණය ලබාදී තිබුණා. ණය ලබාගත් රටවල් අතර ඉන්දියාව, චීනය, ජපානය මෙන්ම පැරිස් සමළුවට අයත් සංවිධාන තිබුණා. මේ ණය පිළිබඳ සාකච්ඡාවලදි පැරිස් සමාජයට එන්න ඉන්දියාව මෙන්ම අනෙකුත් සංවිධාන එකඟ වුණත් චිනය පැමිණියේ නැහැ. චිනයත් සමඟ අප වෙනම සාකච්ඡා කළා. ලංකාවෙ වගේම ‍බංකොළොත්භාවයට පත් වූ අනෙකුත් රටවලටද මෙවැනි දුෂ්කර අවස්ථාවන්ට මුහුණු දෙන්න සිදු වුණා.

එකපැත්තකින් ඉන්දියාව හා පැරිස් සමාජික සංවිධාන අනෙක් පැත්තෙන් චීනය. තුන්වන කණ්ඩායම තමයි පුද්ගලික අංශය. අප ලසාඩ් කණ්ඩායමේ සහාය ලබාගෙන මේ කණ්ඩායම් තුනටම කතා කළා. මේ සියල්ල සිදු කළ යුත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප පළමු ගිවිසුමට පැමිණියා. ඉන්දියාවට, චිනයට, පැරිස් සමාජයට පිළිගත හැකි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ඉදිරිපත් කරන්න අපට පුළුවන් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ පරිදි පළමු ණය වාරිකය අපට ලැබුණා.

ඇමරිකාවේ භාණ්ඩාගාර ‍ලේකම්තුමිය සමඟත් සාකච්ඡා කළා. ඊට පසුව ජපානයේ ජනාධිපති, හා අගමැති, මුදල් ඇමැති සමඟ සාකච්ඡා කරන්න සිද්ධ වුණා. ඉන්දියාවේ මුදල් ඇමැතිතුමිය හා අගමැතිතුමා එක්කත් සාකච්ඡා කළා. චිනයට ගිහින් ජනාධිපතිතුමා හා මුදල් ඇමැතිතුමා එකක සාකච්ඡා කළා.

ජපානයේ ආධාර දෙන ආයතනයක් තිබෙනවා. ජයිකා ආයතනය. නමුත් චීනයේ  එහෙම ආධාර දෙන සංවිධාන නැහැ. චීනයේ එක්සීම් බැංකුව සමඟ සාකච්ඡා කර ණය ලබාගෙන තිබුණා. මේ සෑම කෙනෙක් සමඟ සාකච්ඡා කර එකඟත්වයක් ලබා ගත්තා. ඉතා අසීරුවෙන් තමයි එම එකඟත්වය ලබා ගත්තේ.

සැම්බියාව දෙස බැලුවොත් සැම්බියාව තවම එකතැන හිරවෙලා තිබෙනවා. ඔවුන්ට ණය සමාලෝචනයට එකඟත්වයක් නොමැතිවීම ප්‍රශ්නක් වෙලා තිබෙනවා.

දැන් අපට තිබෙන්නේ ලන්ඩන් නුවරට ගොස් පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීම පමණයි. කෙසේ හෝ බංකොළොත්භාවයෙන් මුදවා ගත් නිසා අපට නැවත ණය අධාර ලබාගන්න පුළුවන්. එම නිසා අපට ඉක්මනින් සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරන්න පුළුවන්. තවත් සංවර්ධන කටයුතු ලබන වසරේ ආරම්භ කරනවා. අප බංකොළොත්භාවය ඉවත් වුණා පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අනෙකුත් රටවල්වල ණය සම්බන්ධ එකඟතාවන් නිසා මෙම තත්ත්වයට එන්න හැකිවුණා.

අපේ රටට  ණය ගෙවිය හැකි අවම ආදායමක් තිබෙන බව පෙන්විය යුතුයි. කෙතරම් අසීරු වුවත් අප ඉදිරියට යා යුතුය කියා  තීරණය කළා. පළමුවෙන්ම අපට ලබාදුන් ඉලක්කය දළ දේශිය නිෂ්පාදිතය 10.4% සුපරා ගැනීම. 2024 අපට එම ඉලක්කයට ළගා වෙන්න බැහැ. 2025, 2026 වන විට මෙම ඉලක්කය කරා යා හැකියි. ඒ නිසා අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර වාද විවාද කර 2024 දළ දේශීය නිෂ්පාදිතය  9.2%ක ඉලක්කයක් බවට පත්කර ගැනීමට කටයුතු කළා. එය නැවත වෙනස් කරන්නේ නැහැ කෙසේ හෝ එම ඉලක්කය සපුරා ගන්න කියා ඔවුන් අපට දැනුම් දුන්නා.

මම සිටින තත්ත්වයේ ඔබ සිටියානම් මොකක්ද කරන්නේ, තවත් වසරක් මෙය ඇදගෙන යනවද, නැත්නම් 2024 මෙම ඉලක්ක සපුරා ගන්නවද, මම කිව්වේ හැකිතරම් ඉක්මණින් මෙය සිදුකරනවා කියලා. 2024 මෙම ඉලක්කය සපුරා ගන්නවනම් අපේ ආදායමෙන් අපට බිලියන 534ක හිගයක් තිබෙනවා. එය තමයි විසඳාගත යුතු ප්‍රශ්නය.

එම හිඟයට එක් හේතුවක් තමයි අස්වැසුම ව්‍යාපෘතිය. සමෘද්ධියට අප වැය කළේ බිලියන 61යි. නමුත් අස්වැසුමට බිලියන 207ක් වෙන් කර තිබෙනවා. ඒ මේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන්. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. එම වැටුප් වැඩි කිරීම සහ විශ්‍රාම වැටුප් සඳහා තවත් රුපියල් බිලියන 133ක් වෙන් කළා. මේ බිලියන 534 අවශ්‍ය නැහැ කියනවනම් අස්වැසුම සහ වැටුප් වැඩිකිරීම ඉවත් කරන්න වෙනවා. නමුත් මෙය කරන්න අවශ්‍යයි කියා අප විශ්වාස කරනවා. වසර 03ක් ප්‍රාග්ධන වියදම් නැතිව මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. එම මුදල් ලබාදීමට අපට සිදුවුණා.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ එසේනම් ඔබ සිදු කළයුත්තේ බදු වැඩිකරන එක කියලා. මෙය අසිරු තත්ත්වයක්. බදු වැඩි කළොත් ජනප්‍රිය භාවය අඩු වෙනවා.නමුත් ආර්ථිකය රැකගත්තොත් අපේ බංකොළොත්භාවය නැති වෙනවා. අපට බදු ගණනාවක් වැඩි කිරීමට තිබුණා. ඉන්ධන බදු වැඩිකළොත් එය අනිත් සෑම ක්ෂේත්‍රයකටම බලපානවා. ඉන්ධන බදු වැඩකළවිට එය විදුලිබල ගාස්තුවලට එක් වූ විට ඉතා වැඩි අගයක් ගන්නවා.

එසේනම් අප අවධානය යොමු කළේ වැට් බද්ද  පිළිබඳව පමණයි. 15%ක් පැවති වැට් බද්ද 18% කළා. ඒ වගේම දැනට වැට් බදු අය නොකළ ඒවට වැට් බදු අය කළා. අනිත් රටවල ඒ හැම එකකටම වැට් බදු අය කරනවා. ඒ වගේම් ඉන්දියාවේ අද වැට් බද්ද 23%ක් දක්වා ක්‍රියාත්මක වෙනවා. පකිස්ථානයේ 18%ක් වෙනකන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ ඒකපුද්ගල ආදායම අපට වඩා අඩුයි.

ඒ නිසා කැබිනට් මණ්ඩලයේ දී මම එම අසීරු තීරණය ගත්තා. කැබිනට් මණ්ඩලයේ සිටින්නේ ඊළග මැතිවරණයකදී නැවත තේරි පත්වන අය. ඒ කිසිම කෙනෙක් කැමති නැහැ බදු වැඩිකරන එකට. නමුත් වෙනත් විකල්පයක් නැති බව අපට පෙනී ගියා. ආණ්ඩුව කැපවී සිටියේ 2024 වන විට මේ රට බංකොළොත්භාවයෙන් ඉවත් කර ගැනීමට. ඒ නිසා අසීරුවෙන් හරි මේ සඳහා සියලුදෙනා එකඟ වුණා. බංකොළොත්භාවයෙන් ඉවත් වූ විට රටක් ලෙස අපට ඉදිරියට යා හැකියි.

මේ හැර අපට මොකක්ද තිබෙන විකල්පය. එකක් තිබෙන්නේ වියදම් නොකර සිටීම. ඒක කරන්න මට බැහැ. වෙන කවුරු හරි කරනවනම් කියන්න කියලා මම කිව්වා. නමුත් වෙන කවුරුවත් කියලත් නැහැ එය කරනවා කියලා.

සමහර විශේෂඥයෝ, දේශපාලනඥයෝ කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කරනවලු. මේක මහ බොරුවක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තනි ආයතනයක් නොවෙයි. අපි රටවල් කීයකට කථා කළාද. ඒ වගේම එම රටවල්වල නායකයන් මුණ ගැසුණා. දැන් ඒ අය කියන්නේ මේක වෙනස් කළොත් අපේ රටට නැවත ණය ගෙවීමට සිදු වෙනවා කියලා. මේක වෙනස් වුණොත් නැවත අප බංකොළොත් වෙනවා. ඒකට මම නම් කැමති නැහැ. ඒ වගේම ජනතාවගෙන් ඇසිය යුතුයි නැවත බංකොළොත්භාවයට යන්න කැමතිද, නැද්ද කියලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන එපා නම් වෙන මොකක්ද කරන්න පුළුවන් කියා මීට විරුද්ධ වන අය පැවසිය යුතුයි. කොහොමද අපි මුදල් උපයා ගන්නේ, කොහොමද බංකොළොත්භාවයෙන් මිදෙන්නේ කියා ඔවුන් ප්‍රකාශ කළයුතුයි. මෙය තමයි අපේ දේශපාලනයේ තිබෙන විශාලම දුර්වලකම. කිසිවෙක් වගකීම භාරගන්න සූදානම් නැහැ. කිසිවෙක් අසීරු තීරණ ගැනීමට සුදානම් නැහැ. සිත් සතුටු කිරීමට පමණයි උත්සාහ කරන්නේ. කොහෙන් මුදල් ලැබෙනවද කියලා සිතන්නේ නැහැ. ඒ නිසයි පසුගිය මැයි මාසයේ මේ වගකීම භාරගන්න කිසිවෙක් ඉදිරිපත් නොවුණේ. ඒ නිසා මේ පිළිබඳ වගකීමෙන් ක්‍රියාකරන ලෙස මම සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලි ප්‍රහාරයකින් මිය ගිය හැත්තෑ පස් වියැති මවකගේ සිරුර දින 03කට සොයා ගනී…

Next Post

ඊශ්‍රයාල හමුදා විසින් වෙඩි තබා ඝාතනය කළ හමාස් භාරයේ සිටි ඊශ්‍රයාල ප්‍රාණ ඇපකරුවන්ගේ අවසන් කටයුතු සිය ගණන් එක්ව සිදු කරයි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.