අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාල හමුදා විසින් වෙඩි තබා ඝාතනය කළ හමාස් භාරයේ සිටි ඊශ්‍රයාල ප්‍රාණ ඇපකරුවන්ගේ අවසන් කටයුතු සිය ගණන් එක්ව සිදු කරයි…

by editor
දෙසැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රයාල සොල්දාදුවන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද හමාස් සටන්කාමීන් විසින් රඳවාගෙ සිටි ඊශ්‍රයාල ප්‍රාණ ඇපකරුවෙක් වූ  26 හැවිරිදි ඇලන් ෂම්රිස්ගේ අවමංගල්‍ය උත්සවය අද සිය ගණනකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

ඔහුගේ දේහය ටෙල් අවිව් අග නුවරට  උතුරින් පිහිටි ෂෙෆායිම් කිබුට්ස් හි  භූමිදාන කරන ලදී.

හමාස් සටන් කරුවන් ඔක්තොම්බර් මස 07 වැනිදා  මෙම ප්‍රදේශයට වැදී පුද්ගලයින් 52ක් ඝානය කර තවත් පුද්ගලයින් 17 දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගියේය.

ප්‍රාණ ඇපකරුවෙක් ලෙස දින 70ක් තිස්සේ ගාසා තීරයේ හමාස් සටන් කරුවන්ගේ ප්‍රාණ ඇපකරුවෙක් ලෙස දිවි ගලවාගෙන ජීවත්වූ  ඇලස් ෂම්රිස් සහ තවත් දෙදෙනෙක් පසුගිය සිකුරාදා   හමාස් ග්‍රහණයෙන් මිදී පලායද්දි මේ ආකාරයෙන් ඊශ්‍රයාල සොල්දාදුවන්ගේ වෙඩි පහරට ලක් ව ඝාතනය වී තිබිණි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව මේ වනවිට ඊශ්‍රයාල හමුදා අංශ මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සී.එන්.එන්. වාර්තා කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හමාස් සටන්කරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි මෙම පුද්ගලයින් තිදෙනාට ඊශ්‍රයාල හමුදා විසින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ යුද්ධයක දී පවතින නීති උල්ලංඝණය කරමින් බවත්,  ඔවුන් සුදු කොඩි ඔසවා හමුදාව සිටි ප්‍රදේශය වෙත පැමිණෙන්නට සූදානම් වන අවස්ථාවේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බවත් සී.එන්.එන් වාර්තා කර ඇත.

සී.එන්.එන්. වෙත  නිර්නාමිකව කතා කළ නිලධාරියෙක් පවසා ඇත්තේ   ගාසා නගරයේ  ෂෙජායියාහි හමුදා ස්ථානගත වි සිටි ස්ථානයට  මීටර 10කට වඩා වැඩි දුරකින්    පිහිටි ගොඩනැගිල්ලකින් තිදෙනා ෂර්ට් රහිතව සුදු කොඩි වනමින් මතු වූ බවය.  .

අවම වශයෙන් එක් සොල්දාදුවෙකුට තර්ජනයක් දැනුණු අතර ඔහු  වෙඩි තැබීමක් සිදු කළ බවත් ඉන්  මිනිසුන් දෙදෙනෙකු වහාම මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලැබූ බවත්  එම ප්‍රකාශකයා පවසා ඇත.  තුවාල වූ තුන් වැන්නා නැවත ගොඩනැගිල්ල තුළට දිව ගොස්  තිබේ. පසුව  ඊශ්‍රායල ඒකකයට හෙබ්‍රෙව් භාෂාවෙන් උදව් ඉල්ලා කෑගැසීමක් ඇසුණු අතර, එම අවස්ථාවේදී  අණදෙන නිලධාරියා වෙඩි තැබීම නතර කරන ලෙස තම හමුදාවන්ට නියෝග කර තිබිණි. කෙසේ වෙතත්, තවත් වෙඩි ප්‍රහාරයකින් පසු  තුන්වන ප්‍රාණ ඇපකරුත් මිය ගොස් ඇත.

ඊශ්‍රයාල හමුදා ප්‍රකාශක  ඩැනියෙල් හගාරි පවසා ඇත්තේ  ඊශ්‍රායල සොල්දාදුවන් ප්‍රාණ ඇපකරුවන් හමුදා වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා නොකළ බවය.  ඔවුන් උපකල්පනය කර ඇත්තේ  ප්‍රාණ ඇපකරුවන්  ගොඩනැගිල්ලක හෝ උමං මාර්ගයක හෝ මාංචු දමා රඳවා ඇති බවටය.

සෙනසුරාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ වැරදීමකින් මරා දැමූ ප්‍රාණ ඇපකරුවන් තිදෙනා ගැන ඊශ්‍රායල හමුදාවට බුද්ධි තොරතුරු නොතිබූ බවත්,  මෙය අත් වැරදීමක් බවත්ය.

ඊශ්‍රයාල හමුදා පවසන්නේ ෂෙජායියා ප්‍රදේශයේ මෙතක් සටන් කළේ  සිවිල් ඇඳුමින් සිට පහර දෙන, මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන සටන්කරුවන් සමග බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බදු වැඩිකිරීම කිසිම දේශපාලකයෙකුගේ කැමැත්ත නොවේ… මගේ තැන හිටියා නම් ඔබ ගන්න තීන්දුව කුමක් ද?. ජනපති අසයි!

Next Post

උතුරේ සියලුම ජලාශ වාන් දමයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.