අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බදියුදීන්ගෙ නිවසේ දී පිලිස්සී මළ දැරියගේ දූෂණයට ලක් වූ අතීතයක් හෙළිවේ …

අවුරුදු 12 සිට දූෂණයට ලක් වෙලා... බදියුදීන් ඇයව මෙහෙකාර සේවයේ යොදවන්නෙ රටේ නීතිය උල්ලංඝණය කරලා..

by editor
ජූලි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙකාර සේවයේ යොදවා සිටිය දී පිළිස්සී මිය ගිය බාල වයස්කාර දැරිය දූෂණයට ලක් වූ අතීතයක් ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බවය.

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය දැරියට දීර්ඝ කාලයක සිට දූෂණයට ලක්වෙමින් සිට ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. වයස අවුරුදු 12 වැනි කාලයක සිට අඛණ්ඩව මේ දැරිය දූෂණයට ලක් වී ඇති අයුරුත් ශරීර ලක්ෂණ අනුව ඇය වයස අවුරුදු තිහක පමණ ස්වරූපයක් පෙන්වන අයුරුත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ නිරීක්ෂණය වී ඇත.

කෙසේ වෙතත් මෙහෙකාර සේවයට පැමිණි පසු මෙම දැරිය දූෂණය  වූ බවට සාක්ෂියක් හෝ පිලිස්සුම් තුවාල සිදුවූ පැය 24 තුළ දූෂණය වී ඇති බවක් තහවුරු නොවන බව ද එම වාර්තාවේ දක්වා තිබේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම 16 හැවිරිදි දැරිය බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරකමට යොදවා ඇත්තේ වර්ෂ 2020 ඔක්තෝබර් මාසයේ සිට බව වාර්තා වේ. එසේ රැගෙන එනවිට එම දැරියගේ වයස අවුරුදු 15යි මාස 11ක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

රටේ නීතිය ප්‍රකාරව වයස අවරුදු 16ට අඩු කිසිම දරුවෙක් මෙහෙකාර සේවයේ යෙදවීම නීතියෙන් තහනම් මෙන්ම එම දරුවන් නිශ්චිතව අධ්‍යාපනය වෙත යොමු කළ යුතුව තිබිය දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම දැරියව මෙහෙකාර සේවයේ යොදවා තිබේ. මේ සම්බන්ධව නීතියෙන් කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම බාල වයස්කාර දැරිය බොරැල්ල පොලිස් වසමේ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ සේවය කරමින් සිටිය දී ඉකුත් ජුලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

ප්‍රතිකාර ලබමින් සිටි එම දැරිය පෙරේදා (15) මිය ගියේය. බොරැල්ල පොලීසිය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය අදාළ විමර්ශන සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් සුව වූ පසු වැළඳී දරුවන් නසන මාරක ලෙඩේ ගැන විශේෂඥ හෙළිදරව්ව….

Next Post

ජපානයේ සැදූ ඇස්ට්‍රා සෙනිකා මාත්‍රා ලක්ෂ දාහතර ලක්ෂ පනස් දාහක් ශ්‍රී ලංකාවට

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.