ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දාහතර ලක්ෂ පනස්දහස ඉදිරි සතිවල දී ජපානයේ සිට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් එම එන්නත් ජපනායේ නිපදවා ඇති බවත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
එන්නත් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ජපන් රජය මෙම එන්නත් මාත්‍රා තොගය පිරිනමන බවද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා මෙම එන්නත් තොගය ජපානයෙන් මෙරටට ලැබෙන බවද තානාපති කාර්යාලය පවසයි.
කොවිඩ් වසංගත තත්වයේ දී ජපානය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 16.2 ක ආධාර මේ වනවට ප්‍රදානය කර තිබේ. ඒ අතර ශීතාගාර පහසුකම් සහ තාක්ෂණික උපකරණ ද ඇත.