කීර්ති ප්‍රනාන්දු –
රටේ සාමාන්‍ය මිනිසුන් වැඩි දෙනෙක් කේක් කෑල්ලක් රස බැලූ මේ උත්සව සමයේ සහනදායී මිලට කේක් නිශ්පාදනය කිරීම බේකරි හිමියන්ට නොහැකි වී ඇති බවත් මේ වනවිට බටර් කේක් කිලෝවක මිල රුපියල් එක්දහස් පන්සියය තෙක් වැඩි වී ඇති බවත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසයි.
ලංකාසර කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ කේක නිශ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍ය වන බිත්තර වෙළෙඳපලේ දැඩි හිඟයක් මෙන්ම අධික මිලක් යටතේ පවතින බව ඔහු පවසයි.
කේක් නිශ්පාදනය සාමාන්‍ය බේකරි හිමියෙකුට කළ නොහැකි දෙයක් වී ඇත්තේ ඒ හේතුවෙන් බව ඔහු පෙන්වා දෙයි. මේ වනවිට බිත්තරයක් රුපියල් 60කට හෝ අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී ගත නොහැකි බව සභාපතිවරයා පෙන්වා දෙයි. ඔහු කියන්නේ කේක් අලෙවිය ද සියයට හැත්තෑපහකින් පහත බැස ඇති බවය.
“මේ තත්ත්වය අපි කිව්වෙ මාස ගාණකට කලින්. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයත් ජනවාරි මාසයත් තුළ බිත්තර පරිභෝජනය දෙගුණ වෙනවා. එයට පිළියමක් දෙන්න කියලා ඉල්ලුවෙ. එය සිදුවුනේ නෑ. “
එසේ වුවද පිටි මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයට වෙළෙඳපලේ පවතින බව ඔහු පෙන්වා දුන්නේය.







