ජංගම දුරකථන යෙදුමක් හරහා (මොබයිල් ඇප්) අසභ්‍ය දේ ප්‍රවර්ධනය කරමින් නීති විරෝධී ලෙස මිලියන ගණන උපයා ගැනීම සම්බන්ධයෙන් චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
‘යාවෝ ජීයි’ නැමැති චීන ජාතිකයා ‘බිගෝ බංග්ලා’ නමින් සජීවි විකාශයක කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇති අතර ඔහු එමඟින් උපයාගෙන ඇති මුදල ‘ටකා බිලියන 1.08’කි. ඒ අතරේ ඔහු මුදල් විශුද්ධිකරණය ද සිදු කරමින් බංග්ලාදේශයේ සිට වෙනත් රටවලට කෝටි 79ක මුදලක් ජාවාරම් කර තිබේ.
‘ඩේලි සංග්‍රාම්’ පුවත්පත වාර්තා කරන ආකාරයට චීන ජාතිකයාට විරුද්ධව චෝදනා ගොනු කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක සොහෙල් රානා බිගෝ සජීවි විකාශය හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් තොරතුරු සොයා ඇත. චීන ජාතිකයාට විරුද්ධව සාක්ෂි සොයාගැනීමෙන් අනතුරුව සැප්තැම්බර් 25 වැනිදා බිං=ගෝ විකාශයට එරෙහිව නීති මඟින් කටයුතු කර තිබේ.
චීන ජාතිකයාට අමතරව බිගෝ බංග්ලා හි සේවය කළ නජ්මුල් හක්, අරීෆ් හුසේන් හා මොන්සූන් හෝල්ඩිංග්ස් නැමැති ආයතනය ද මෙම නඩුවේ විත්තිකරුවන් වේ.







