අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලි -ශ්‍රි ලංකා තරගාවලියට ලෝක අවධානය යොමුවී ඇත්තේ “ක්‍රිකට්” නිසාම ද?!

by editor
මාර්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිල්හෙට් හි    පැවති විස්සයි 20  තරඟාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමෙන් පසුව,  බදාදා ආරම්භ වන තරඟ තුනකින් යුත් එක්දින අන්ර්ජාතික තරඟාවලියට සියල්ලම සුදානම්ය. එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ චැටොග්‍රෑම්වලය.    

තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

කුසල් මෙන්ඩිස් ( නායක), චරිත් අසලංක ( උප නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ,  වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දිල්ශාන් මධුෂන්ක, ප්‍රමෝද් මධුශාන්, ලහිරු කුමාර සංචිතයට ඇතුළත් වෙති.

විස්සයි 20 තරගාවලිය තුළ දක්ෂතා අතරට නොපැමිණි අවිශ්ක ප්‍රනාන්දු සම්බන්ධව යළිත් වරක් තේරීම් කමිටුව විශ්වාසය තබා ඇත. ඈන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයින්වන ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ වැනි තරුණයන් කෙරෙහි තේරීම් කමිටුව විශ්වාසය තබා ඇති අයුරු පෙනේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කලකට පසු ලහිිරු කුමාර ද සංචිතයට කැඳවා තිබේ.  මස්පිඩු අබාධයකින් පෙළීම හේතුවෙන්  විස්සයි 20 තරගාවලියෙන් විවේක ගැන්වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ පැමිණීම කණ්ඩායම ශක්තිමත් කර ඇත.

මේ තරගාවලිය කොහොමත් උනුසුම්ය. දෙපාර්ශවය අතර සම්බන්ධතා යහපත් නොවන බව සිල්හෙට් දී ලෝකයම දැක්කේය.  කණ්ඩායම් දෙක අතර එදිරිවාදිකම් එළිපිටම ප්‍රකාශ වී තිබේ.  නවීඩ් නවාස් කීව්වේ පිටියෙන් පිටත නම් කණ්ඩායම් දෙකම ඉතාම මිත්‍රශීලී බවය. එහෙත් හතරේ සිමාවෙන් ඇතුළේ නම් තත්ත්වය වෙනස්ය.

අතීතය මතක් කරමින් විස්සයි 20 තරගාවලිය අස්සේ වැඩේ ඇදගත්තේ ෂොරිෆුල් ඉස්ලාම්ය. පසුගිය වසරේ ලෝක කුසලානයේ මැතිව්ස් දවා ගත් ටයිම් අවුට් සිද්ධියේ අභිනය පළමු තරගයේ දෙවැනි පන්දුවෙන් අවිශ්ක ප්‍රනාන්දු දවාගත්  ෂොරිෆුල් ඉස්ලාම් ශ්‍රි ලංකා කණ්ඩායමට පෙන්නුවේය. පසුව විස්සයි 20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ ජයග්‍රහණය සමරනු ලැබුවේ සාමුහිකව පෙන්වූ ටයම් අවුට් අභිනයෙනි.

තරගාවලියේ   දෙවැනි තරගයේ දී    සෞම්‍ය සර්කාර් නොදැවුන ක්‍රීඩකයෙක් ලෙස නම් කර   තෙවැනි විනිසුරු අමුතු තීරණය ශ්‍රී ලංකා කණ්ඩායම නොසන්සුන් තත්ත්වයකට පත් කළේය.  අවසන් තරගයේ නුවන් තුෂාරගේ පන්දුවකින් වම් ඉන්න ගුවනේ පා වී ගිය අවස්ථාවේ දි ටව්හිඩ් හඩ්‍රෝයි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග ගැටුමක් ඇති කරගත්තේ.   එක් දින ජාත්‍යාන්තර තරග ආරම්භ වන්නේ මෙවැනි පසුබිමක් සහිතවය.  පෙනෙන ආකාරයට සිය රටේ දී එක්දින තරග ජයග්‍රහණය කිරීමේ වැඩි ප්‍රවනතාවයක්  පෙන්නුම කරන බංගලාදේශයට සිය අභිමානය පිළිබඳ ගැටලුවක් ඇති කරන තරමේ පීඩාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවනු ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි. බංගලාදේශය පැත්තෙන්  සෞම්‍යා සකාර් සිය පැරිණි රිද්මය යළි පෙන්වමින් ඇත. බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී හ්‍රිඩොයි, ටෙන්සිඩ් හසන්,    පසුපෙළ ශක්තිමත් කිරීමේ හැකියා පෙන්වා තිබේ. මහමුදුල්ලා ලෝක කුසලානයේ  සිට සිය රිද්මය රක්ෂා කරගෙනය.  එහෙත් බංගලාදේශ සුපිරි ක්‍රීඩකයා ෂකීබ් අල් හසන් තරගාවලියට නොමැත. ඔහු වෙනුවට මෙහිඩි හසන් මිරාස් ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා වනු ඇත.  යොවුන් ක්‍රීඩක රිෂාඩ් හොසේන් ද ඒ ස්ථානයට ඉඩ විවරකරගැනීමේ අභිලාෂයෙන් පසුවේ.

කුසල් හරියට කරයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලුවහොත් අන්තර්ජාතික මාධ්‍යය වර්තා කරන්නේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය පිළිබඳවනම් ගැටලුවක් ඇති බවය. ඔහු මේ දක්වා තරග 13කට නායකත්වය ලබා දී ජයග්‍රහණය කර ඇත්තේ ය. දුර්වල ලෝක කුසලාන ක්‍රීඩාවේ දී ඔහු තරග 07කට නායකත්වය ලබා දී  තිබුණේ ඔහුය. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට සූරයන්ගේ කුසලානය ද අහිමි වූයේය.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම මුල සිට පටන් ගෙන ඇති අයුරු cricinfo වෙබ් අඩවිය පෙන්වා දෙයි. සිම්මාබ්වේ කණ්ඩායමට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජයග්‍රහණය කර ඇත. බංගලාදේශයට එරෙහි විස්සයි 20 ජයග්‍රහණයත් සමග ශ්‍රි ලංකා කණ්ඩායමේ මෑතකාලීන වර්ධනය නායක කුසල් මෙන්ඩිස් තුළද යහපත් මනෝභාවයක් ඇති කර තිබිය යුතුව ඇතැයි විචාරකයෝ කියති.

“පිටිය මැද දෙපිලම ඇවිලෙමින්ය.  මේ පසුබිමේ දී මෙන්ඩිස් කණ්ඩායම හසුරුවනු ලබන ආකාරය බැලීම සිත් ගන්නා සුළුය.   සංයමය බිඳ ගත් විනය අතින් පිරික්සුම් අතීතයක් සහිත ක්‍රීඩකයෙක් වූ කුසල් මෙන්ඩිස්  කණ්ඩායම කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ නිසැකවම සියල්ලන්ගේ අවධානය යොමුවනු ඇත. “ cricinfo වෙබ් අඩවිය වෙත ලිපියක් සපයන ක්‍රීඩා විචාරක මොහොමඩ්  ඉසාම් පවසයි.

ලෝක අවධානය ශ්‍රී ලංකා බංගලාදේශ තරගාවලිය වෙත යොමු වී ඇත්තේ ඔවුන්ගේ ක්‍රිකට් නිසාම නොවනබව දැන් අපට පැහැදිලිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක පලංචියක් කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියයයි….

Next Post

නඩු 06ක  අධිකරණ නියෝග තුට්ටුවට දමා ගෝත්‍රික දේශපාලකයින්ගේ බහට වඩ්ඪමාන පබ්බත විහාර භූමියේ පොංගල් උත්සව කරන්නට ගිය පූසාරි ඇතුළු 09කට ඇප නෑ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.