සිල්හෙට් හි පැවති විස්සයි 20 තරඟාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමෙන් පසුව, බදාදා ආරම්භ වන තරඟ තුනකින් යුත් එක්දින අන්ර්ජාතික තරඟාවලියට සියල්ලම සුදානම්ය. එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ චැටොග්‍රෑම්වලය.
තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.
කුසල් මෙන්ඩිස් ( නායක), චරිත් අසලංක ( උප නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දිල්ශාන් මධුෂන්ක, ප්‍රමෝද් මධුශාන්, ලහිරු කුමාර සංචිතයට ඇතුළත් වෙති.
විස්සයි 20 තරගාවලිය තුළ දක්ෂතා අතරට නොපැමිණි අවිශ්ක ප්‍රනාන්දු සම්බන්ධව යළිත් වරක් තේරීම් කමිටුව විශ්වාසය තබා ඇත. ඈන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයින්වන ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ වැනි තරුණයන් කෙරෙහි තේරීම් කමිටුව විශ්වාසය තබා ඇති අයුරු පෙනේ.
කලකට පසු ලහිිරු කුමාර ද සංචිතයට කැඳවා තිබේ. මස්පිඩු අබාධයකින් පෙළීම හේතුවෙන් විස්සයි 20 තරගාවලියෙන් විවේක ගැන්වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකගේ පැමිණීම කණ්ඩායම ශක්තිමත් කර ඇත.
මේ තරගාවලිය කොහොමත් උනුසුම්ය. දෙපාර්ශවය අතර සම්බන්ධතා යහපත් නොවන බව සිල්හෙට් දී ලෝකයම දැක්කේය. කණ්ඩායම් දෙක අතර එදිරිවාදිකම් එළිපිටම ප්‍රකාශ වී තිබේ. නවීඩ් නවාස් කීව්වේ පිටියෙන් පිටත නම් කණ්ඩායම් දෙකම ඉතාම මිත්‍රශීලී බවය. එහෙත් හතරේ සිමාවෙන් ඇතුළේ නම් තත්ත්වය වෙනස්ය.
අතීතය මතක් කරමින් විස්සයි 20 තරගාවලිය අස්සේ වැඩේ ඇදගත්තේ ෂොරිෆුල් ඉස්ලාම්ය. පසුගිය වසරේ ලෝක කුසලානයේ මැතිව්ස් දවා ගත් ටයිම් අවුට් සිද්ධියේ අභිනය පළමු තරගයේ දෙවැනි පන්දුවෙන් අවිශ්ක ප්‍රනාන්දු දවාගත් ෂොරිෆුල් ඉස්ලාම් ශ්‍රි ලංකා කණ්ඩායමට පෙන්නුවේය. පසුව විස්සයි 20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ ජයග්‍රහණය සමරනු ලැබුවේ සාමුහිකව පෙන්වූ ටයම් අවුට් අභිනයෙනි.
තරගාවලියේ දෙවැනි තරගයේ දී සෞම්‍ය සර්කාර් නොදැවුන ක්‍රීඩකයෙක් ලෙස නම් කර තෙවැනි විනිසුරු අමුතු තීරණය ශ්‍රී ලංකා කණ්ඩායම නොසන්සුන් තත්ත්වයකට පත් කළේය. අවසන් තරගයේ නුවන් තුෂාරගේ පන්දුවකින් වම් ඉන්න ගුවනේ පා වී ගිය අවස්ථාවේ දි ටව්හිඩ් හඩ්‍රෝයි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග ගැටුමක් ඇති කරගත්තේ. එක් දින ජාත්‍යාන්තර තරග ආරම්භ වන්නේ මෙවැනි පසුබිමක් සහිතවය. පෙනෙන ආකාරයට සිය රටේ දී එක්දින තරග ජයග්‍රහණය කිරීමේ වැඩි ප්‍රවනතාවයක් පෙන්නුම කරන බංගලාදේශයට සිය අභිමානය පිළිබඳ ගැටලුවක් ඇති කරන තරමේ පීඩාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවනු ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරයි. බංගලාදේශය පැත්තෙන් සෞම්‍යා සකාර් සිය පැරිණි රිද්මය යළි පෙන්වමින් ඇත. බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී හ්‍රිඩොයි, ටෙන්සිඩ් හසන්, පසුපෙළ ශක්තිමත් කිරීමේ හැකියා පෙන්වා තිබේ. මහමුදුල්ලා ලෝක කුසලානයේ සිට සිය රිද්මය රක්ෂා කරගෙනය. එහෙත් බංගලාදේශ සුපිරි ක්‍රීඩකයා ෂකීබ් අල් හසන් තරගාවලියට නොමැත. ඔහු වෙනුවට මෙහිඩි හසන් මිරාස් ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා වනු ඇත. යොවුන් ක්‍රීඩක රිෂාඩ් හොසේන් ද ඒ ස්ථානයට ඉඩ විවරකරගැනීමේ අභිලාෂයෙන් පසුවේ.
කුසල් හරියට කරයි ද?
ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලුවහොත් අන්තර්ජාතික මාධ්‍යය වර්තා කරන්නේ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය පිළිබඳවනම් ගැටලුවක් ඇති බවය. ඔහු මේ දක්වා තරග 13කට නායකත්වය ලබා දී ජයග්‍රහණය කර ඇත්තේ ය. දුර්වල ලෝක කුසලාන ක්‍රීඩාවේ දී ඔහු තරග 07කට නායකත්වය ලබා දී තිබුණේ ඔහුය. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට සූරයන්ගේ කුසලානය ද අහිමි වූයේය.
එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම මුල සිට පටන් ගෙන ඇති අයුරු cricinfo වෙබ් අඩවිය පෙන්වා දෙයි. සිම්මාබ්වේ කණ්ඩායමට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජයග්‍රහණය කර ඇත. බංගලාදේශයට එරෙහි විස්සයි 20 ජයග්‍රහණයත් සමග ශ්‍රි ලංකා කණ්ඩායමේ මෑතකාලීන වර්ධනය නායක කුසල් මෙන්ඩිස් තුළද යහපත් මනෝභාවයක් ඇති කර තිබිය යුතුව ඇතැයි විචාරකයෝ කියති.
“පිටිය මැද දෙපිලම ඇවිලෙමින්ය. මේ පසුබිමේ දී මෙන්ඩිස් කණ්ඩායම හසුරුවනු ලබන ආකාරය බැලීම සිත් ගන්නා සුළුය. සංයමය බිඳ ගත් විනය අතින් පිරික්සුම් අතීතයක් සහිත ක්‍රීඩකයෙක් වූ කුසල් මෙන්ඩිස් කණ්ඩායම කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ නිසැකවම සියල්ලන්ගේ අවධානය යොමුවනු ඇත. “ cricinfo වෙබ් අඩවිය වෙත ලිපියක් සපයන ක්‍රීඩා විචාරක මොහොමඩ් ඉසාම් පවසයි.
ලෝක අවධානය ශ්‍රී ලංකා බංගලාදේශ තරගාවලිය වෙත යොමු වී ඇත්තේ ඔවුන්ගේ ක්‍රිකට් නිසාම නොවනබව දැන් අපට පැහැදිලිය.