ඉන්දියාවේ මුම්බායි හි බොරිවාලි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක පලංචියක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් පුද්ගලයෙකු බරපතල තත්වයේ පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එරට වෙලාවෙන් අද පස්වරු 12.58 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. ඉදි කරමින් පැවති ගොඩනැගිල්ල මහල් 24 කින් සමන්විත වන අතර 16 වන මහලේ පලංචියක් මෙලෙස කඩා වැටී ඇත. ඉන් කම්කරුවන් 4 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර සිදුවීම වූ වහාම පොලීසිය සහ නිලධාරීන් පැමිණ ඔවුන් රෝහලක් වෙත ගෙන යෑමට කටයුතු කලත් තිදෙනෙකු මියගොස් ඇති බව සඳහන් වනවා. අනෙක් පුද්ගලයාගේ තත්වය ද බරපතල බව සඳහන්.