දකුණු අප්රිකාව ඉදිරියේ බංගලාදේශය ලකුණු 104ක බිහිසුණු පරාජයක් ලැබුවේය. ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ ක්රීඩකයෝ පන්දු ඕවර 16.3 ක දී ලකුනු 101කට සියල්ලෝ දැවී ගියහ.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 22වැනි තරගය ලෙස සිඩ්නිහි දී තරගය පැවැත්විනි. ඒ 2 ඛාන්ඩයේ තරගයක් ලෙසය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තේරූ දකුනු අප්රිකානු කණ්ඩායම ලකුණු 206ක ජයග්රාහී ඉලක්කයක් බංගලාදේශයට ලබා දුන්හ.
දකුණු අප්රිකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ රිලී රොසෝව් මනරම් ශතකයක් වාර්තා කළේය. ඔහු පන්දු 56ක දී ලැබූ ලකුණු ප්රමාණය ලකුණු 109කි. ඊට හයේ පහර 08ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් විය.

ක්වින්ටන් ඩි කොක් පන්දු 38ක දී ලකුණු 63ක් ලැබුවේය. ඊට හයේ පහර 03ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් විය. පළමු කඩුල්ල වෙනුවේන රිලී සහ ඩි කොක් අතර සම්බන්ධය ලකුණු 163ක් විය. ශකීබ් අල් හසන් ලකුණු 33ට කඩුළු 02ක් ලැබීය.
බංගාලදේශ ඉනිම සුනු විසුනු කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඇන්රිච් නොට්ජේ පන්දු ඕවර 3.3 ක දී ලකුණු 10කට කඩුළු 04ක් බිඳ හෙළුවේය. ටබ්රායිස් ෂම්සි පන්දු ඕවර 4 තුළ ලකුණු 20ට කඩුළු 03ක් බිඳ හෙලුවේය.
බංගලදේ දේශය වෙනුවෙන් ලකුනු 10 සීමාව ඉක්මවා ගියේ පිතිකරුවන් 03ක් පමණි. ආරම්භක පිතිකරු ලින්ටන් දාස් පන්දු 31 දී ලකුණු 34ක් ලබා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා විය. සව්ම්යා සකාර් ලකුණු 15ක්, මේදි හසන් මිරාස් ලකුණු 11ක් ලැබීය.
බංගලාදේශ කණ්ඩායම ලකුණු 101කට දැවී ගියේය. ලකුණු 104ක දැවැන්ත ජයග්රහණයක් දකුණු අප්රිකාව හිමි කරගත්තේය.
මේ වනවිට පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියා නෙදර්ලන්ත තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්රමාද වී ඇත.







