බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකොලොත් රටේ කෝටි ගණන් වැය කර නිදහස් දින සැමරීම ජනතා අපරාධයක්! – නිදහස් උළෙල වර්ජනය කරමින් කතෝලික සභාව නිවේදනය කරයි!

by editor
පෙබරවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කාදිනල්තුමා හෝ කතෝලික සභාවේ කිසිම අරදගුරුතුමෙක් මෙම නිදහස් උළෙලට සහභාගී නොවන බවත් කතෝලික සභාව ලෙස එම උළෙල වර්ජනය කරන බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද (01) ප්‍රකාශ කළේය.

විදේශ ණය වාරික ගෙවා ගන්න නොහැකිව ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති රටක,  සියයට තිහකට ආසන්න ජනතාවක් කුසගින්නේ සිටින රටක,  අවුරදු පහට අඩු ළමයින් සියයට තිස් තුනයි දශම හරතක් මන්දපෝෂණයෙන් පෙලෙණ රටක, බොහෝ දෙදෙනකුට රැකියා අහිමි වෙමින් ඇති රටක, කුඩා කර්මාන්ත බිඳ වැටෙමින් ඇති රටක, නීතියේ අධිපත්‍ය ධරුණු ලෙස බිඳ වැටී ඇති රටක, මානව අයිතිවාසිකම් හිරිකිතයකින් තොරව බිඳ දමමින් ඇති රටක, ජනතාව සතු භාෂණයේ ප්‍රකාශනයේ සහ සමාකාමී විරෝධතා දැක්වීමේ මූලික අයිතිය මර්ධනය කිරීම සඳහා ත්‍රස්වාදය වැළැක්වීමේ පනත වැනි අණ පනත් අවභාවිතා කරමින් ජනතාවගේ නිදහස දැඩි ලෙස විනාශ වී ඇති රටක, අවම වශයෙන් උසස් පෙළ විභාග සමයේවත් පැය 24ම විදුලිය සැපයීමට අසමත් වී ඇති රටක, ඖෂධ ඇතුළු සෞඛ්‍ය පහසුකම් සැපයීමට නොහැකිව රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති රටක රුපියල් මිලියන 200ක මූලික වියදමක් දරමින් අභිමානවත්ව සැමරිය හැකි නිදහස කුමක් දැයි කතෝලික සභාව ලෙස තමන් රජයෙන් ප්‍රශ්න කරන බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කීය.

75වන නිදහස් සැමරුමේ දී කළ යුතුව තිබුණේ රට ව්‍යසනයට පත්කිරීමේ වගකීම සහිත සියලුම දේශපාලන පක්ෂ නායකයින් දේශපාලකයින් ජාතියෙන් සමාව ගෙන රටේ සම්පත් කොල්ල කෑ දේශපාලයින් සහ නිලධාරීන් ඇතුළු චෞර පැලැන්තියට තරාතිරම නොබලා දඬුවම් කිරීම බව කතෝලික සභාව විශ්වාස කරන්නේ යැයි පැවසු පියතුමා එසේ කළා නම් හෙට දවස ගැන යම් බලාපොරොත්තුවක් උපදවා ගත හැකිව තිබුණු බව පැවසුවේය.

සිරිල් ගාමිණි පියතුමා මෙසේ ද කීවේය.

අපේ මාතෘභූමිය අධිරාජ්‍ය වාදී පාලනයෙන් මිදිලා 75වන නිදහස් දිනය දේශයක් විදිහට සැමරිය යුතුම අවස්ථාවක බව සැබෑවක්. එහෙත් වසර 75ක දේශපාලනික නිදහසක් සහිත රටක පසුගිය 75 වසර විසින් නිර්මාණය කර ඇති අපේ දේශයේ ජනතාවගේ වර්තමානය සහ අනාගගතය පිළිබඳ අභිමානයෙන් සැමරීමට හැකි දෙයක් ඉතිරිව තිබෙනවා ද කියන ප්‍රශ්නය අප හැම දෙනාම ඉදිරියෙ තියනවා.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

බඩගින්න

වර්තමානයේ දී අපේ රට විදේශ ණය ගෙවා ගත නොහැකි ආර්ථිකව බංකොලාත් රටක්. ජීවන බර බහුතරයකට ගෙවා ගන්න බෑ, ජනතාවගෙන් සියයට 30ක් එනම් මිලින 30.3ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙලෙනවා කියලා ලෝක ආහාර වැඩ සටහන කියනවා.

පවුල් සංඛ්‍යාවෙන් සියයට 86කට පමණ මිලදී ගැනීමට හැකි වි තිබෙන්නේ පෝෂණ ගුණයෙන් අඩු ලාභ ආහාර බවත් එම සංවිධානය පවසනවා.

මේ සියයට 86 පවුල් අතර මිලියන 2.3ක් ළමයි ඉන්නවා. වයස අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් සියයට 33.4ක් මන්දපෝෂණයෙන් පෙලෙනවා.

පවතින දැඩි ඖෂධ හිඟය නිසා රෝගීන්ගේ ජීවිත මහත් අවදානමකට ලක් වී ඇති බව අපි දන්නවා. අත්‍යාවශ්‍ය ආහාර ඖෂධ වගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තව තවත් විදේශ ණය ලබා ගන්නට රට රටවල්වලට හිඟමනේ යන රටක් විදිහට අපේ රට පත් කරලා තියනවා

දුප්පත්කම

පාසල් දූ දරුවන්ට අවශ්‍ය පොත් පත් සහ ලිපි ද්‍රව්‍යමිල අහස උසට ඉහළ යෑම නිසා මෙන්ම ඔවුන්ට අවශ්‍ය අවම පෝෂ්‍යදායී ආහාර ලබා දීමට නොහැකි වීම නිසා පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය විශාල අනතුරකට ලක් වෙලා තියනවා.

අපගේ බහුතර ජනතාවගේ ආදායම පහත වැටී මිස කිසි ලෙසකින ඉහළ ගිහින් නෑ. ඉහළ යන අධික ජීවන වියදම නිසා පීඩාවට පත් වී සිටින ජනතාව වෙත ඉතා අසාධාරණ ලෙස ඍජු සහ වක්‍ර බදු පනවිමින් සිටිනවා.

මිනිස්සුන්ට උහුලන්න බැරි මහා පීඩාවක් ඇති කරලා තියනවා. දේශීය ස්වං රැකියා කුඩා කර්මාන්ත මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා සීඝ්‍රයෙන් කඩා වැටෙමින් පවතිනවා.

නීතියේ ආධිපත්‍යය

අපේ දේශයේ නීතිය ආධාපත්‍ය බරපතල ලෙස බිඳ වැටිලා තියනවා. සැමට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් ජනතාව ආරක්ෂාව කිරීමටත් බැඳි සීටින ශ්‍රී ලංකා පොලිසිය ලජ්ජාසහගත ලෙස දේශපාලනීකරණය වී තිබෙනවා. දේශපාලන බල අධිකාරියේ උවමනා එපාකම් පිරිමැසීමට පොලිසීය රජයේ ඇතැම් පීඩාකාරි ක්‍රියාවන්ට එරෙහි සාමාකාමී විරෝධතා මැඩපැවැත්වීමට නීතිය අවභාවිතා කරමින් ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් සිටිනවා.

නීතිපති දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතන පවා ජනතාව වෙනුවෙන් ස්වාධීනව තම වගකීම් ඉටු කිරීමට වඩා දේශපාලන බල අධිකාරියේ ඕනෑ එපා කම් ඉටුකරමින් සිටින බව පෙනෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව නීතිපතිවරයා ට ලබා දෙන නිර්දේශ දිගින් දිගටම අතපසුවීම හොඳම උදාහරණයයි.

අපරාධ

රටේ අපරාධ වැඩිවෙලා තියනවා. මත්ද්‍රව්‍ය උවදුර වැඩිවෙලා තියනවා. දරුවන්ගේ පාසල් බෑග්වල මත්ද්‍රව්‍ය හොයන පොලිසිය රටට මත්ද්‍රව්‍ය ගෙනෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය කොටුකර ගැනීමට උත්සාහ නොදරනවා විතරක් නෙමෙයි, ඔවුන්ව ආරක්ෂා කිරීමටත් කටයුතු කරනවා.

ආර්ථික වශයෙන් රට බංකොලොත් කරලා හිඟමනට ඇද දැමූ දූෂිත පාලකයින් සහ ඇතැම් උසස් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව කිසිම නීතිමය පියවරක් ගැනීමට රජය සහ මේ රටේ නෛතික ආයතන අපොහොසත් වෙලා තියනවා.
ඔවුන්ව තවදුරටත් ආරක්ෂා කරමින් සිටීමට ඔවුන් කටයුතු කරකමින් ඉන්න බව පෙනෙන්න තියනවා.

දූෂිත දේශපාලකයින් සහ දූෂීත නිලධාරීන් එක්ව සිදුකරන දූෂණ සහ කොමිස් ගැනීම් තව දුරටත් සිදුවෙමින් තිබෙනවා.

නිදහස් දිනය සැමරුම ජනතා අපරාධයක් වන හැටි

රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති රටක මේසා අධික මුදලක් වැයකොට පුහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව කරන මහා අපරාධයක් සහ නාස්තියක් බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරයා පවසන පරිදි 75වන නිදහස් උත්සවය අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා මේ සා විශාල ජනතා මුදල් කන්දරාවක් වැය කිරීමට අප දැඩි ලෙස විරුද්ධ බවත් ප්‍රකාශ කරනවා.

නිදහසේ 75 වැනි සංවත්සරයේ දි කළ යුතුව තිබුණේ පසුගිය 75 වසර පුරාවට දේශය ආර්ථික වශයෙන් බංකොලොත් බවට ඇද දැමූ මේ රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂවලට තම වැරදි පිළිගෙන ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමයි.

රටේ සම්පත් කොල්ලකෑ සියලු දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට පනවා ජනතා මුදල් ආපසු අය කරගැනීමයි
මෙතෙක් මහා පරිමාණ බදු මුදල් ගෙවා නැති දූෂිත නිලධාරීන්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් බදු මුදල් අය කරගැනීමයි. එසේ කළා නම් අඩු වශයෙන් වසර 75කට පසුවත් ජනතාවට නිදහසේ ජීව්ත විය හැකි රටක් ගොඩනැගීමේ පළමු පියවර තැබූ බවට අපට සැනසෙන්න පුලුවන්කම තිබුණා.“

මෙම නිදහස් උත්සවයට කාදිනල් තුමා හෝ වෙනත් කිසිම කතෝලික රදගුරුතුමෙක් සහභාගී නොවන බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අවධාරණයෙන් පැවසීයත

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය හිටපු උපකුලපතිට සහ පවුලේ අයට පහර දුන් බවට චෝදනා ලද සිසුන් 14 දැඩි ඇප කොන්දේසි මත නිදහස්!

Next Post

උසස් පෙළ සමයේ අඛණ්ඩව විදුලිය දෙන්න – අධිකරණ නියෝගයක් ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම උසාවි යයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.