උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදුව සිදු නොකරන ලෙස ඉල්ලා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව අභියාචනාධිකරණය ඉදිරියේ ඉල්ලීමක් කළ බව එහි සභාපති ජනක රත්නායක පවසයි.
විභාගය පැවැත්වෙන ලබන 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව සිදු නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලයට කිහිප වතාවක්ම ප්‍රකාශ කර තිබුණ ද, ඒ පිළිනොපැදීම හේතුවෙන් මෙම අධිකරණ ක්‍රියමාර්ගය ගෙන ඇති බව සඳහන් වේ.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවම පිරිවැයකින් යුතුව ජල විදුලි බලය ද උපරිම ලෙස යොදා ගනිමින් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් අදාළ යෝජනා විදුලි බල මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ අනුව ඊයේ සහ පෙරේදා දිනවල විදුලිය කප්පාදු නොකිරීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වුවද, අද දිනයේ විදුලිය කප්පාදුව ක්‍රියාත්මක විය.