පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පවුලේ උදවියට පහර දී නිල නිවසට අලාභහානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සිසුන් 14 දෙනා එක් අයෙකුට රුපියල් 15000 බැගින් මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර නියෝග කළේය.
ඇපමත නිදහස් කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සර සිසුවාට සෑම මසකම 01 හා 03 වන ඉරුදින පෙරවරු 09.00 – 12.00 අතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වාණිජ අපරාධ (03) අංශයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
මුදල් හා ශරීර ඇප මත මුදාහරින ලද සිසුන්ට තවත් කොන්දේසි රැසක් මහේස්ත්‍රාත්වරයා විසින් පැනවූ අතර ඒවා කඩකළහොත් ඇප අවලංගු කරන බව ඔවුන්ට දැනුම් දුන්නේය. නඩුව මාර්තු මස 15 දින යළි කැඳවීමට නියමිතය.
මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ඇතුළු අනෙක් සිසුන් 13 දෙනට සෑම මසකම අවසන් සතියේ ඉරුදින පෙරවරු 09.00 – 12.00 ත් අතර කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වාණිජ අපරාධ (03) අංශයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 14 දෙනාමෙ විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.
මෙම නඩුවට අදාළව මේ වන විට සාක්ෂි ලබාදී ඇති පැමිණිල්ලේ සාක්ෂි කරුවන්ට හා ඉදිරියට සාක්ෂි ලබා ගැනීමට නියමිත ශිෂ්‍යයින්ට සෘජුව හෝ වක්‍රාකාරව කිසිදු බලපෑමක් නොකළ යුතු බවද මහේස්ත්‍රාත්වරයා සැකකාර සිසුන්ට දැනුම් දුන්නේය.