ලලිත් චාමින්ද –
පොලිම්වල එක දිගට වරුවක් දෙකක් සිටින විට අධික ලෙස මානසික පිඩනයකට ලක්වි විවිධ කායික ආබාධ ඇතිවිය හැකි බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රූමි රුබන් පවසයි.
මේ දිනවල බැලු බැලු අත පොලිම් බවත් පොලිම්වල සිටිමත් පොලිම් දැකිමත් මානසික වදයක් වුවත් අප සියලුදේනාටම පොලිම්වල සිටිමට සිදුවි ඇති බැව් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා පවසයි.
ඔහු මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.
“පොලිස් වලසිටිම එක අතකින් කායිකව හා මානසිකව බලපානවා. මෙම පොලිම්වලට තරුණයින් මෙන්ම වැඩිහිටියන්ද යවනවා. විවිධ කායික අබාධ තියෙන අය යනවා. මේ අයට එක දිගට වැඩිවෙලාවක් හිටගෙන ඉන්න බැහැ. විවිධ කායික ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. මානසික ආතතිය වැඩිවෙන්න පුළුවන්. එක දිගට එක විදියට පොලිමක වරුවක් දෙකක් ඉන්නවා කියන්නේ අධික මානසික පිඩනයකට ලක්වෙන දෙයක්. මානසික පිඩනය වැඩිවු විට කායික ආබාධ වැඩිවෙන්න පුළුවන්. නියමිත වෙලාවට බෙහෙත් ටික බොන්නේ නැහැ. තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සොයාබලන්න වේලාවක් නැහැ. “
“මානසික පිඩනය නිසාම තමන්ගේ ශාරිරික සෞඛ්‍යයත් අහිමිකරගන්නවා. මෙවැනි අවස්ථාවකදි අධික රුධිර පිඩනය හෘදය වස්තුවේ අබාධ මේ වගේ දේවල් වැඩියෙන් ඇතිවෙන්න මෙම මානසික කාරණා බලපානවා. අපේ වැඩිහිටි පරපුර රැක ගැනීම ඉතා වැදගත්. තෙල් පොලිමකට යැවිය යුත්තේ ශක්තිය තියෙන තරුණයින්. ලෙඩරෝග තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රථිකාර ලබා ගැනිම ඉතා වැදගත්.“
“පොලිම්වල මේ ගතකරණ පිඩනය හැමදාම නැතිවේවි. මෙම තාවකාලික ගැටලුව විසඳාගෙන රටක් වශයෙන් ඉදිරියට යාහැකි කියන සුභවාදි බලාපොරොත්තුව එක්ක තමයි අපිට ජීවත්වෙන්න තියෙන්නේ. අසුභවාදි බලාපොරොත්තුවක් එක්ක ජිවත්වුවහොත් ඒ ඇතිවන මානසික පිඩනය නිසා ශාරිරික වගේම මානසික රෝගින් බවට පත්වෙන්න පුළුවන්.“
“තෙල් පොලිමක නිදිමරගෙන එකදිගට ඉන්නවානම් තනි පුද්ගලයෙකු පමණක් නෙවෙයි ඒ සදහා පවුලේ කිහිපදෙනෙකු සම්බන්දවිම වැදගත්. “
තමන්ගේ ශරිර සෞඛ්‍ය පිළිබද සැලකිලිමත් විය යුතුයි. පොලිමේ ඉන්න අතරේ තමන්ගේ හිත දුෂණය කරගන්නේ නැතිව ආරවුල් සදහා පැටලෙන්නේ නැතිව සන්සුන්ව සිටිය යුතුව ඇති බවද රූමි රුබන් මහතා සදහන් කළේය.