පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ආණඩුක්රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනයට සමගි ජන බලවේගය සහයෝගය කිසි ලෙසකින්වත් ලබා නොදෙන බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක ලංකාසරට පැවසීය.
21 වැනි සංශෝධනයට සහය ලබා ගැනීමට අවශ්‍යනම් අවම වශයෙන් 19 වැනි සංශෝධනයේ අන්තර්ගත කරුණු ඊට ඇතුළත් විය යුතු බව හෙතෙම සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය ලෙස පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ කිසිදු වැදගැම්මකට නැති හිස් ලියැවිල්ලක් බවත් එවැන්නකට සමගි ජන බලවේගයේ සහයෝගය ලබා නොදෙන බවත් තිස්ස අත්තනායක කීවේය.
සමගි ජන බලවේගයේ ස්ථාවර ය වී තිබෙන්නේ 19 වැනි සංශෝධනයට එහා ගිය වඩාත් ප්රජාතන්ත්රීය ව්‍යවස්ථා සංශෝධනයක් බව පවසන තිස්ස අත්තනායක එවැනි පසුබිමක 19 කරුනු කපා හරිමින් දේශපාලන අරමුණු ඉටු කරගැනී ම වෙනුවෙන් ගෙන එන සංශෝධනවලට කිසිලෙසකින්වත් සහයෝගය නොදෙන බව ඔහු පෙන්වා දුන්නේය.