වෛද්‍යවරු ඇතුළු රොහල් කර්ය මණ්ඩලවල බොහෝ දෙනෙක් සෞඛ්‍ය සේවයේ ප්‍රමුඛතා පදනමට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිම්වලට යෑම හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතු අඩපණව ගොස් ඇතිය සෞඛ්‍ය අංශයේ ආරංචි මාර්ග හෙළි කරයි.
සිකුරාදා දිනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබා දීමට ප්‍රමුඛතාව සලසන බව කළ ප්‍රකාශයත් සමග සෞඛ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් ඉන්ධන පෝලිම්වලට එක් වීම නිසා වෙනදාටත් වඩා වැඩි දිගු පෝලිම් ඉන්ධනහල් අසල දක්නට ලැබුණු බව මේ පිළිබඳ අදහස් දැක්වූ මහනුරව රොහලේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට කීවේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ කාර්ය මාණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් ඉන්ධන පෝලිම්වෙත යෑම නිසා ජාතික රෝහලේ කටයුතු ද යම් ප්‍රමාණයකට අකර්මණ්‍යව ඇති බවය.
සමස්ථයක් ලෙස රෝහල්වල බාහිර රෝගී අංශයන්හි සායන, රසායනාගාර පරීක්ෂණ, එක්ස් කිරණ පරීක්ෂණ බොහෝ දුරට අඩාල වී ඇති බව සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති කීවේය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධවේදියෙක් අදහස් දක්වමින් කිවේ රෝහල් කාර්ය මණ්ඩල ඉන්ධන පෝලිම්වලට යෑම නිසා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් එනතුරු රෝගීන්ට පෝළිම්වල සිටීමට සිදු වී ඇති බවය.