බෙලාරුස් සිට පෝලන්තයට යාමට උත්සාහ කිරීමේදී පෝලන්ත දේශසීමා ආරක්ෂකයින් විසින් සෙනසුරාදා (12) රඳවා ගනු ලැබූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 160 දෙනා අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බව Sky News වාර්තා කරයි.
දේශසීමා නිලධාරීන් උපුටා දක්වමින් පෝලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ සෝමාලියාව, ඊජිප්තුව, ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු 160 දෙනෙකු මෙසේ පෝලන්තයට යාමට උත්සාහ කළ බවය.
සිරියානු ජාතිකයින් සිව් දෙනෙක් සහ බංග්ලාදේශ ජාතිකයින් තිදෙනෙක් පෝලන්තයට රැගෙ යාමට උපකාර කරමින් උත්සාහ කළ යුක්රේන ජාතිකයින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පෝලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
නීතිවිරෝධී දේශසීමා තරණය සඳහා සහාය වීමේ චෝදනා මත මේ වසරේ දැනටමත් 500කට අධික පිරිසක් රඳවාගෙන සිටින බවත්, මේ වසරේ නීති විරෝධීව දේශ සීමා සංක්‍රමණයට දරන උත්සාහයන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් පෝලන්ත රජය පවසයි.
පෝලන්ත දේශසීමා ආරක්ෂක ප්‍රධානියා පවසන්නේ ජනවාරි මාසයේ සිට පුද්ගලයින් 19,000 ක් නීතිවිරෝධී ලෙස දේශසීමා තරණය කිරීමට උත්සාහ කර ඇති බවය – පසුගිය වසරේ මුළු කාලය තුළ එවැනි උත්සාහයන් වාර්තා වී ඇත්තේ 16,000ක් පමණි.
මේ වනවිට අමතර ආරක්ෂක භටයින් 2000ක් දේශ සීමා ආරක්ෂාව සඳහා යොදවන්නට වර්සෝ පාලනය තීරණය කර ඇත.