ඊාසාන දිග චීනයේ ධ්‍යානය නිෂ්පාදනය කරනු ලබන ප්‍රදේශ වලට ඇද හැලුණු දාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි හානියක් සිදුකර තිබේ.
ඒ අනුව අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකුට අධික සංඛ්‍යාවකට සිය ජීවිත අහිමි වී ඇති අතර ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වලදට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව චින මාධ්‍ය වාර්තා කරයි.
චීනයට පසුගිය කාලයේ බලපෑ සුලි කුණාටු තත්ත්වයෙන් ලක්ෂ දහයකට අධික ජතාවක් සිය වාසස්තාන වලින් ඉවත් කිරීමටද චීන බලධාරීන් පියවර ගෙන තිබිණි. මේත අතර පැවති ගංවතුර තත්ත්වයත් සමඟ බිජිං අගනුවර අසාන්නයට දැඩි බලපෑම් එල්ල කර තිබිණි.
එම තත්ත්වයත් සමඟ විශාල පිරිසක් මේවන විට ආරක්ෂිත ස්ථාන වල තාවකාලික කඳවුරු සකස් කර රඳවා තබා ඇති බවද චීන බලධාරීන් සඳහන් කරයි.
මේ අතර හයිලොංජියැං ප්‍රදේශයේ විශාල වශයෙන් සහල් නිෂ්පාදනය කරනු ලබන නරගයක් වන වුචැං නගරයේ බලධරීන් සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශයේ නගර සහ ගම් වලට ගංවතුරෙන් දැඩි බලපෑමක් සිදුකර ඇති බවයි.
ඒ අනුව ගංවතුරේන හානියට පත් වගා භූමි වලට ඇතිව තිබෙන පාඩුව තවමත් ගණනය කරමින් සිටින බවද ප්‍රාදේශීය බලධාරීණ් පෙන්වාදෙයි.
චීනයට මෑත කාලයෙදී බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය වන අතර එහි බලපෑම තවමත් සම්පූර්ණ වශයෙන් පහව ගොස් නොමැති බවද කාලගුණ අංශ පේනවා දෙයි. මේ අතර දේශගුණික විපර්යාස ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙම ආන්තික කාලගුණ තත්ත්ව දේශගුණික විපර්යාසයේ සෘජු ප්‍රතිඵල බවයි.