චිනය සහ පිලිපීනය අතර ඇතිව තිබෙන ගැටුම පසුගියදා ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ රෙනායි රීෆ් හී තිබෙන පැරණි පිලිපීන යුධ නෞකාව වහාම එම ස්ථානයේ ඉවත් කරගන්නා ලෙසට චීන රජය පිලිපීනයට දැණුම් දී ඇතැයි වාර්තා වේ.
ඉකුත් දා චීන නාවික හමුදා විසින් පිලිපීන යාත්‍රාවන්ට ජල ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එම ජල ප්‍රහාරයත් සමඟ දෙරට අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වූ අතර එමගින් දෙරට අතර යුධ ගැටුමක් පවා ඇති වීමට ඉඩ පවතින බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දී තිබිණි.
චීනය විසින් පිලිපීනයට ආසන්න මුහුදු කළාපයේ පිහිටි රෙනායි කොරල්පරය චීනයේ නන්ෂා දූපත්වල කොටසක් ලෙසට ප්‍රකාශ කරනු ලැබ තිබේ. ඒ අනුව අදාල කොරල්පර පවතින ස්ථානයේ සිරවී ඇති පැරණි පිලිපීන යුධ නැව ඉවත් කරගන්නා ලෙසට දැඩි ඉල්ලීම් කර ඇත.
දිගින් දිගටම චීනය විසින් කරනු ලබන ඉල්ලීම් හමුවේ පිලිපීනය විසින් අදාල නෞකාව එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට අවස්තා කීපයදීම පොරොන්දු වුවද තවමත් එය සිදුකර නොමැති බවට චීනය චෝදනා කරයි.
ඉකුත් වසර 24ක කාලය තුලදීම පිලිපීනය විසින් අදාල නෞකාව ඉවත් කරගැනීමට අපහොසත් වීම මෙන්ම එම නෞකාව එම ස්ථානවයේ ශක්තිමත්ව ස්ථාපති කිරීමටද කටයුතු කර ඇති බවට චීනය චෝදනා කරයි. එමෙන්ම එම නෞකාවේ පිලිපීන හමුදා සාමාජිකයින් ස්ථාන ගත කිරීමටද පියවරගෙන ඇති බවද චීනය වැඩිදුරටත් චෝදනා කරයි.
කෙසේ වෙතත් චීනය විසින් මේවන විට සාගර කළාප තුල දැඩි ආක්‍රමණශීලි හැසිරීමක් පෙන්වන අතර එය ගෝලීය ආරක්ෂාවටද යම් බලපෑමක් එල්ල කර ඇති බව ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි.