කොළඹ වරාය නගරය හේතුවෙන් ෂැංග්‍රිලා හැර සෙසු සියලුම හෝටල් වසා දැමීමේ තත්ත්වයක් උදාවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඩේලිමිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මන්ත්‍රීවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය.
“දැන් ඔවුන් මෙම ප්‍රදේශය (කොළඹ වරාය නගරය) චීන මෙහෙයුම් කලාපයක් ලෙස ආරම්භ කරන විට, ඊළඟට එහා පැත්තෙන් තියෙන්නේ කොළඹ දකුණු ජැටියයි. ඒකත් චීන වරායක්. දකුණේ හම්බන්තොට වරායකුත් චීන ජාතිකයන් විසින් අධීක්ෂණය කරනවා.
ඔවුන් තම ව්‍යාපාර ආරම්භ කරන විට සියලු භාණ්ඩ මිළ අඩු වනවා. චීන භාණ්ඩ ලොව පුරාම අඩු මිලකටයි අලෙවි වන්නේ.
ඒ අතරේ ජාත්‍යන්තර බැංකු එහි මෙහෙයුම් ආරම්භ කරන විට වේගවත් බැංකු පද්ධතියක් ඇති වනවා. එවිට කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල පදික වෙළඳුන් ඇතුළු අපගේ සියලුම වෙළෙඳුන්ගේ ව්‍යාපාරවලට බලපාවි.
අපගේ සියලුම හෝටල් ව්‍යාපාරත් අහිමි වේවි. ෂැන්ග්‍රිලා හැර අනෙකුත් සියලුම හෝටල් වසා දමාවි. එම අන්තරාය තත්ත්වය කොහොමත් තියෙනවා.”
මන්ත්‍රිවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ මෙම වරාය නගරයේ ඉඩම් අයිතිය 99 බද්දටවත් නොව සදාකල් සින්නක්කර අයිතිය හිමිවන ලෙස අත්පත් කර ගැනීමටද යෝජිත පනත හරහා ඉඩ සැලසෙන බවය. රජය වෙනත් රටවල ආයෝජකයන්ට එවැනි පහසුකම් සලසා දී ඇති බව සඳහන් වුණත් සිංගප්පූරුව ඩුබායි වැනි රටවල් බදු සහන ලබා දී ඇතිවා මිස ඔවුන්ගේ භූමිය වෙනත් පුද්ගලයන්ට අත්පත් කර ගැනීටම් ඉඩ අවුරා ඇති බව ද පෙන්වා දී ඇත.
මෙහිදී තවදුරටත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා එම පුවත්පතට පවසා ඇත්තේ එල්.ටි.ටි.ඊ නායක ප්‍රභාකරන් ජිවිත හැටපන් දහසක් විනාශ කරමින් දශක තුනක් තිස්සේ ලබා ගන්නට උත්සාහ කළත් ආණ්ඩුව යුවාන්වලට වරාය නගරය වෙනම රාජ්‍යයක් සඳහා ලබා දිමට පියවර ගෙන ඇති බවය.