දිනසේන රතුගමගේ
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රුපියල් කෝටි එකමහාරක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්රෑම් 150 ක් කිළිනොච්චිය පුනරීන් පල්ලිකුඩා ප්රදේශයේදී 20 දා අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනය මන්නාරම මාර්ගයේ ළදු කැළෑවක් අසල මෙම කේරළ ගංජා තොගය සගවා තිබූ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එහි යන විට කේරළ ගංජා තොගයේ අයිතිකරුවන් පලාගොස් තිබුණූ බව පුනරීන් පොලීසිය පැවසීය.
අත් අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ සදහා පුනරීන් පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය එම කේරළ ගංජා තොගයේ අයිතිකරුවන් සොයා ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.