ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විජේදාස රාජපක්ෂ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ඔහුට එරෙහි ව විනය පියවර ගැනීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය. ඔහු සම්බන්ධයෙන් අදාල පියවර ගැනීමේදී පක්ෂය තුළ පවතින විනය පියවර ගැනීමේ ක්‍රියාවලියට අනුකූලව කටයුතු කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.
විජේදාස රාජපක්ෂගේ හැසිරීම, ඉතිහාසය ගැන රටේ ජනතාව හොඳින් දන්නා ඔහු වරාය නගරය හේතුවෙන් ඇතිවන අනාගත සංවර්ධනය සම්බන්ධයෙන් කිසියම් ද්වේශයකින් යුතුව කතා කළ බවත් සඳහන් කළ බවද රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ බව පැවසූයේ අද (17) ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාද්‍ය හමුවකදීය.
“ විජේදාස රාජපක්ෂ මහත්තයා ජනාධිපති නීතීඥවරයෙක්. මේ කරුණු ඇවිත් කණ්ඩායමේ සාකච්ඡා කිරීමට චීන කොලනියක් වෙනවා කියන කරුණ පක්ෂය යම් තීරණයක් ගත යුතුයි. ඔහු නීතීඥවරයෙක් හැටියට යථාර්ථය නොදැන කතා කළා කියා මම විශ්වාස කරන්නේ නෑ. මෙම කොළඹ වරාය සම්බන්ධව කෙටුම්පත් කළ පනත තුළ පවතින නීතිමය තත්ත්ව පිළිබඳව ඔහුට හොඳ අවබෝධයක් තිබෙනවා. මෙම වරාය නගරයට අදාළ පනත සම්බන්ධ රටේ ව්‍යවස්තාවට අනුකූලව සකස් කළ එකක්. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද මෙම පනත නීතිපතිවරයා විසින් රටේ ව්‍යවස්ථාවට අනුකූල බවට අනුමත කර තිබෙනවා. එවැනි තත්ත්වයක් ගැන ඔහුට අවබෝධයක් නැහැ කියන්න බෑ. ආණ්ඩුව කොලේ වහල ගහනවා කියා ඔහුට කිසිසේත් කියන්න බෑ.
අපි දන්නවා විරුද්ධවාදීන් ඉන්නවා ඔවුන් වැඩ කරන්නේ සද්භාවයෙන් නොවෙයි.