කීර්ති ප්‍රනාන්දු –
ජල සම්පාදන මණ්ලයට අයත් දැරණියගල කඹුරුගම ගබඩාවේ තිබී අතුරුදහන් වී තිබූ ජල මාපක 98ක් ලඟ තබාගෙන සිටිබව කියන දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
එම ගබඩාවේ තිබූ ජල මාපක 477ක් ඇතුළු උපකරණ තොගයක් ඉකුත් 30 දා කිසියම් පිරිසක් විසින් සොරකම් කරගෙන ගොස් ඇත.
පසුව පොලිසිය එම ගබඩාවේ ප්‍රධාන ලිපිකරුවා සහ රියදුරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකර තිබිණි. වැඩිදුර විමර්ශනවලදී ජල මාපක 98ක් සැකකාර සභාපතිවරයා භාරයේ තිබී පොලිසිය විසින් සොයා ගත්තේය.
මෙම භාණ්ඩ පොදු දේපලක් බැවින් පොදු දේපල පනතට අනුව සැකකර ප්‍රාදේශීය සභා සභාපතිවරයා අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.