අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරාය නගරය පනතෙන් රටේ ව්‍යවස්ථාවට විධායකයට හෝ අධිකරණයට හානියක් නෑ – රජය කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කොළඹ වරාය නගරය පිළිබඳ කොමිෂන් සභා පනත මඟින් මෙරට ව්‍යවස්ථාව විධායකය හෝ අධිකරණ කිසිසේත් අභියෝගයට ලක් නොවන බව රජය පවසයි.

මෙම භූමිය අපට අයත් නොවන චීන කොලනියක් බව කීම සම්පූර්ණ වැරදි සහගත අදහසක් බවත් පසුගිය රජය සමයේ 2019 අගෝස්තු මාසයේදී එවකට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විශේෂ ගැසට් පත්‍රයක් හරහා මෙම භූමිය ශ්‍රි ලංකා රජයට අයත් භූමියක් බවට ප්‍රකාශයට පත් කොට ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කරුණු පැහැදිළි කළ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම භූමිය මෙම ගැසට් නිවේදනයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා දී ඇති බවද සඳහන් කළේය.

“ මේක අයිති චීනෙට කියන කතාව බොරු. 2019 අගෝස්තු මාසේදී ඉහත ආකාරයෙන් භූමිය රටට එක්කාසු කිරීමක් වෙලා තිබෙනවා. විජේදාස රාජපක්ෂ මහතා කියනවා අපි මේක හදිසි පනතක් ලෙස ගේන්න උත්සාහ කළා කියල. ඊට එරෙහිව පෙත්සම් 21ක් දාලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ. මේ සම්බන්ධයෙන් අධිකරණයත් තීරණයක් දේවි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුගිය දවස්වල මොකක්ද මාධ්‍ය නාළිකාවක් ගඩොල් කැටයක් බැඳගෙන ගියා රට වටේ ගියා. ඔවුන් ප්‍රචාරය කළේ රට ඉදිරියට ගෙන යන්න තිබුණු ශක්තිමත්ම වැඩපිළිවෙළ මේක කියල. අද මේක වැරදි වැඩක් කියන්නේ කුහක අදහසකින් .යයි හෙතෙම එහිදී සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද මෙම කලාපයට ඇතැම් අනපනත් නීති රීති නෑ කියල කිව්වට මේක තුළ කොමිෂන් සභා පනතට අදාල නීති සියල්ල ක්‍රියාත්මක වෙනවා. එයින් මේ සියල්ල ආවරණය වෙනවා. මෙම කලාපය තුළ යම් බද්දක් අය කෙරෙනවා. නමුත් ආදායම් බදු අය කරන්නේ නෑ. ඒ නිසා තමයි ආයෝජකයන් එන්නේ. පසුගිය රජය සඳහන් කළා මෙයින් රැකියා 83,000ක් උත්පාදනය වෙනවා කියල. ඔවුන්ට ඩොලර්වලින් වැටුප් ලැබෙන විට එය අපේ රටට නරකක්ද වෙන්නේ. මෙතනට නීති තුන හතරක් මොකටද? සිංගප්පූරුවට ආයෝජකයන් යන්නේ ඔවුන්ට පහසුකම් සලසන නිසා .ආයෝජකයන් රස්තියාදු වෙනව නම් ඔවුන් මේ රටට එන්නේ නෑ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

නමුත් මේ තුළ රටේ පොදු නීතිය ක්‍රියාත්මක වෙනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැයි කියන්න බෑ. අපේ රටේ පොලිසිය උසාවිය මේ ප්‍රදේශයටත් අදාළයි. අප ඉල්ලීමක් කළා අධිකරණ ක්‍රියාමාර්ගවලදී මේ ප්‍රදේශයට අදාල නඩු හෝ නීතිමය ප්‍රශ්නවලදී ප්‍රමුඛතාව දෙන්න කියල. යම් අධිකරණ තීන්දුවක් අවශ්‍ය වන වෙලාවට ඒ සඳහා දිගු කාලයක් වැය වෙනවා නම් ආයෝජකයන්ට එය හිතකර නෑ. මාස කීහිපයකින් තීන්දු දෙන ක්‍රියාවලියක් ඇති කළ යුතුයි. නමුත් සමහරු මේ වරාය නගරය අධිකරණයට ආවරණය වන්නේ නැහැ කියා ජනතාව තුළ අනවශ්‍ය බියක් නිර්මාණය කරනවා .

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෝට් සිටියට එරෙහිව කෑගැසුවාට විජේදාසට එරෙහි විනය පියවර

Next Post

අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.