දිනසේන රතුගමගේ –
මන්නාරම් බොක්ක හා පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කිරීම සඳහා ඉන්දියාව විසින් අලුතින් හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා තිබේ.
රුසියානු තාක්ෂණයෙන් ඉන්දියාවේ නිෂ්පාදිත මෙම සැහැල්ලු හෙලිකොප්ටර් යානා දෙක තමිල්නාඩු රාමනාතපුරම් පිහිටි INS Parundu ඉන්දීය නාවික ගුවන් තොටුපළේ රඳවා තිබේ.
එම යානා දෙකේ මුල්ම නිරීක්ෂණ කටයුතු ඉන්දියාවේ නැගෙනහිර නාවික විධානයේ ප්‍රධාන ආඥාපති වයිස් අද්මිරාල් බිස්වජිත් දාස්ගුප්තාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර නව හෙළිකොප්ටර් යානා දෙක සාම්ප්‍රදායික ජල ප්‍රහාරක සත්කාරය ලබා දෙමින් පිළිගෙන ඇත.
මෙම හෙලිකොප්ටර් යානාවල නවීන සමුද්‍ර මුර සංචාර රේඩාර් සහ නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කරන තාක්ෂණයෙන් සමන්විත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ගුවන් යානා දෙක මගින් මන්නාරම බොක්ක, පෝක් සමුද්‍ර සන්ධිය සහ කොමොරින් කලාපයේ වැඩි දියුණු කළ නිරීක්ෂණ සක්‍රීය කරන අතර දිවා රාත්‍රී කාලයේ සමුද්‍ර සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පුළුල් පරාසයක් තුළ කටයුතු කරන බව ද ඉන්දීය මාධ්‍ය කියයි.







