බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පොළොන්නරුවේ වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කරද්දී ඩඩ්ලිට වෙන දේ ලාල්කාන්ත කියයි!

by editor
ජූලි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැව් රක්ෂිතය අත් පත් කරගෙන සිටී නම් ඩඩ්ලි සිරිසේන කළ යුතු වන්නේ ඒ අනවස ඉදිකිරීම් ඉවත් කරන්නට පෙර මාධ්‍ය හමුවක් තබා ස්වේච්ඡාවෙන් එම ඉදිකිරීම් ඉවත් කරගැනීම බව කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත පැවසුවේය.  ඇමතිවරයා කීවේ  බැකෝ දමා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පෙර ඩඩ්ලි සිරිසේන වැනි අයෙක් සිය අනවසර ඉදිකිරිම්  ස්වේච්ඡාවෙන්   ඉවත්කර ගනු ඇතැයි තමා විශ්වාස කරන බවය. 

ක්‍රියාත්මක වන්නේ ජාතික වැඩපිළිවෙළක් බවත්, ඒ වැඩසටහන ක්‍රියාත්මක වනවිට වැවු රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සිදුකර තිබෙන්නේ ඩඩ්ලි සිරිසේන ද, අපේ එකෙක්ද, වෙනත් දේශපාලන පක්ෂයක එකෙක් ද යන්න කිසිසේත් අදාල නොවන බවත් ඇමතිවරයා කීවේය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු ද වැවු රක්ෂිතවල ඉදිකිරීම් සිදුකර ඇති බවත්, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තමන් ස්වේච්ඡාවෙන් එම රක්ෂිතවලින් ඉවත්වන බව දැනුම් දී වහාම ඒ තැන්වලින් මුලින්ම ඉවත්වන ලෙස තමන් ඔවුන්ට දැනුම් දුන් බවත් ඇමතිවරයා පැවසුවේය.

මොණරාගලදී ඊයේ  (26) පැවැති වාරි මහිම අපේ උරුම වැඩසටහන යටතේ මොණරාගල සියඹලාණ්ඩුව කොට්ඨාසයේ වැව් සහ ඇළ මාර්ග 04ක් ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“අපි අනුරාධපුරයෙන් පටන් ගත්තා වැඩේ. නුවර වැවෙන්… වැව් ප්‍රතිසංස්කරණය කරනවා කියපු ගමන්,  වැවෙන් කට්ටිය අයින් කරනවා කියපු ගමන්… මෙන්න යනවා මාධ්‍යවල, යූ ටියුබ්වල.. පුලුවන් නම් ගිහින් ඩඩ්ලිගෙ එක අයින් කරපල්ලා පොලොන්නරුවේ කියලා… දකින්න ඇති නාඩගම්…”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ඩඩ්ලිගෙ එක අපි හරියටම අල්ලගන්නම් පොලොන්නරුවෙ වැවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන වෙලාවේ. අපිට ඩඩ්ලි නෙමෙයි, අකුරු තුන පොඩ්ඩක් මාරු කරලා කියන්න බලන්න…. ලිඩ්ලි උනත් කමක් නෑ… මොකා හරි කමක් නෑ… ඒක වෙනම කතාවක්. ඒක අපි ඒ වෙලාවට බලා ගන්නම්.”

“අපි හිතනවා අනවසර ප්‍රමාණයක පදිංචි වෙලා ඉන්නවා නම්, අල්ලාගෙන ඉන්නවා නම් රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනකොට එතුමාම යයි කියලා. යන්න වෙනවා. එයා වගේ කෙනෙකුට නොගිහින් ඉන්නත් බෑ.”

“මං හිතන්නේ ප්‍රෙස් එකක් තියලා ඩඩ්ලි මහත්තයා කියන්න ඕන මගේ හෝටලයේ වාරිමාර්ගයට අයිති ප්‍රමාණයක් තියනවා නම් මම දීලා අයින් වෙනවා. කියලා.

යවනකම් ඉන්න කියලා මම කියන්නේ නෑ. කිය කිය ඉන්න ඕන නෑ. මම අයින් වෙනවා. මේ ගමේ කවුරුහරි ඉන්නවා නම් වැවේ සීමාවෙ එයා ස්වේච්ඡාවෙන්ම අයින් වෙන්න ඕන. ගොවි සංවිධානය ඒකට උනන්දු වෙන්න ඕන ද නැද්ද. මේ වැව් ඔක්කොම විනාශ වුනේ මේ ගොවි සංවිධානත් තියෙද්දි. මේ ගොවි ජනතාවත් ඉද්දි. අර ජඩ දේශපාලනයකුත් තියෙද්දි.

“අපට කියනවා හදන්නලු රට. හැබැයි වැඩේට බැස්සට පස්සෙ කියනවා ” මේ… අපට අත තියන්න බෑ… අපට ඉන්න ඇරලා වෙන අයව අයින් කරන්න.” ඕකයි වෙලා තියෙන්නේ. මේක ලේසි නෑ. හැබැයි අපි කරනවා.”

“ඩඩ්ලි මහත්තයා ගැන කියපු නිසා කියන්න ඕන. එතුමාගේ අරලිය හෝටලයේ දැනට මට තියන තොරතුරු අනුව එතුමා යම් කාලයක සංචාරක මණඩලයෙන් තමයි අරගෙන තියෙන්නෙ. බදු පදනමට. හැබැයි සංචාරක මණ්ඩලයෙන් අරගෙන ඒ හෝටලයෙ කටයුතුවලට වැවට අයිති භූමියෙනුත් වැටක් ගහලා කොටසක් තියාගෙන ඉන්නවා හෝටලයේ වැඩවලට. දැනට වාර්තා වෙන්නේ එහෙම. අපට වාර්තාවෙන විදිහට දැනට අයින් කරන්න තියෙන්නෙ හෝටලය තියෙද්දි වැඩිපුර වැවට අයිති කෑල්ලේ වැට ගලවන්න විතරයි. ”

“මම දන්නෙ නෑ හරිද නැද්ද කියලා. මේ තමයි අපට දැනට තියන තොරතුරු. වෙන තොරතුරු තියනවා නම් දෙන්න. මේක වාරිමාර්ගෙට යවලා තියනවා තොරතුරු තව ගන්න. මට මැප් එක එවලා තියනවා. ඒ එවපු මැප් එකට අනුව අරලිය හෝටලය තියන කෑල්ල වාරිමාර්ගයට අයිති එකක් නෙමෙයි. මට ලැබිලා තියන තොරතුරු ඒක. වැරදි නම් මාධ්‍ය දැන් බලන් ඉන්නවානේ. නිවැරදි කරන්න පුලුවන්. ඩඩ්ලි මහත්තයටත් තියනවා අවස්ථාව. මම දැක්කා පහුගිය දවස්වල ඔස්ට්‍රේලියාවේද කොහොද ඉන්නේ. ආවද මම දන්නේ නෑ. හරිනම් ප්‍රෙස් එකක් තියලා කියන්න.”

“අනුරාධපුර නුවර වැව සුද්ධ කරන්න යද්දි මට වාර්තා වෙලා තියනවා අපේ කට්ටියත් කීප දෙනෙක් ඉන්නවා. ඒ ගොල්ලන්ට කිව්වා ඔක්කොටම කලින් උඹලා ප්‍රෙස් එකක් තියලා අපි ස්වේච්ඡාවෙන් යනවා කියලා කියපල්ලා. ඒ කිව්වේ අපේ උන්ට. ”

“අපි මේ කරන්නෙ ජාතික වැඩක්. එතකොට අපේ එකාද, වෙන දේශපාලන පක්ෂයක එකෙක් ද, ඩඩ්ලි ද, එහෙම නැතිනම් ඩඩ්ලිගෙ තව කවුරුහරි ද… ඒවා අපට අදාල නෑ. මේ ජාතික වැඩේ අපි කළේ නැතිනම්… ගොවි මහත්තරු සංගම් හොඳට මතක තියාගන්න ඕන… මේ ආණඩුව මේවා නොකොළොත් වෙන එකෙක්වත් මේවා කරන්නෙත් නෑ… ස්ථිරයි. ”

“අපි කියන්නේ මෙච්චරයි. අපි මේ වැඩේ කරනවා. ඒ නිසා නිලධාරීන් ගෙනත්, බැකෝ දාලා මේ වැඩේ කරන්න කලින් ස්වේච්ඡාවෙන් පලයල්ලා.. මේකට ගොවි ජනතාව හරියට එකතු වෙන්න. ගොවි ජනතාවගේ ප්‍රශ්නයට අපි හරියටම එඩ්‍රස් කරනවා. හරියටම මැදිහත් වෙනවා. ගොවි ජනතාව අපිත් එක්ක ශක්තිමත්ව ඉන්න ඕන. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගැබ්බර මුව දෙන මැරූ පොලිස් සැරයන්ලා 2 ඇතුළු 4 දෙනෙක් රිමාන්ඩ්…

Next Post

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කර දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරයා ලෙස මාරු කරයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.