ඉදිරි මහ කන්නය සඳහා ගොවීන් සකස් කරගන්නා කාබනික පොහොර වලින් අතිරික්තය අතරමැදියන් යොදවා මහ පරිමාණ සමාගම් විසින් මිලට ගෙන වැඩි මිලට අළෙවි කිරීමේ සැළසුම්ක තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් පවසයි.
මේ නිසා කොම්පෝස්ට් පොහොර අතිරික්තය අඩු මිළට අළෙවි නොකර තමන් සන්තකයේ තබා ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ මහා වාරි ව්‍යාපෘතිය ආශ්‍රිතව ගොවියන් රැසක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කොට තිබෙන අතර ඔවුන් සමඟ දිසාපතිවරයා මිනිපේ මොරයාය නේවාසික කළමනාකරණ කාර්යාලයේදී පෙරේදා 06) පැවැති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කීවේය.
කාබනික පොහොර ආනයනය නොකරන බැවින් ඇතැම් බහු ජාතික සමාගම් කොම්පෝස්ට් පොහොර ගොවීන්ට අළෙවි කිරීමට සූදානම් වන්නේ පොහොර සංචිත ගොවීන්ගෙන්ම මිලට ගෙන යැයිද ඔහු පෙන්වා දුනනේය.
මිනිපේ මහා වාරි ව්‍යාපෘතියේ පියවර 1,2 සහ 3 කොටස්වල ගොවි සංවිධාන නියෝජිතයින් සඳහා කාබනික පොහොර නිපදවීමේ ප්‍රායෝගික වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත නේවාසික කළමනාකරණ කාර්යාලයේදී ක්‍රියාත්මක කෙරිණි. කොම්පොස්ට් පොහොර තොග තමන් සන්තකයේ තබා ගැනීමෙන් ගොවීන්ට වඩා වාසිසහගත වනු ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ගොවි සංවිධාන නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව එම කාර්යාලයේදී පැවැති ගොවි හමුවේදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා ඉදිරි මහ කන්නයේදී රසායනික පොහොර යෙදීමක් සිදුනොවන නිසා තමන්ට අවශ්‍යය පොහොර ප්‍රමාණය ගොවීන් විසින් නිපදවාගත යුතු යැයිද උපදෙස් දුන්නේය. කාබනික පොහොර මිලට ගැනීමට හැකි නමුත් වඩාත් සාර්ථක හා විශ්වාසවන්ත ක්‍රමය වන්නේ තමන්ට අවශ්‍ය පොහොර තොගය තමන් විසින්ම ගොවිබිමේ නිපදවා ගැනීම යැයි ද ඔහු කීවේය. ඒ සඳහා අවශ්‍යය තාක්ෂණික උපදෙස් හා අමුද්‍රව්‍ය සම්පාදනය සඳහා රජය මැදිහත්වන බව කී දිස්ත්‍රික් ලේකම්වරයා ඇතැම් ගොවීන් තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය මේ වන විටත් සකස්කර ගනිමින් සිටින බවද අවධාරණය කළේය.
කාබනික පොහොර අවශ්‍යතාවයක් තිබේ නම් මහනුවර මහ නගර සභාවේ කාබනික පොහොර නිෂ්පාදන ඒකකය මගින් අවශ්‍ය කොම්පෝස්ට් තොග සාධාරණ මිලකට ගොවීන්ට ලබාදීමට හැකියාවක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ආදර්ශ කාබනින පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩමුළුවක් පැවැත් වූ අතර ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුලු ආයතන කිහිපයක සහයෝගය ලැබී තිබිණි.