ශ්‍රියානි විජේසිංහ –
වසර කිහිපයක සිට පොහොර සමාගම්වලින් රසායනික පොහොර හා කාබනික පොහොර මිල දී ගෙන රජය විසින් නොගෙවූ ණය රුපියල් මිලියන 17,000ක් (බිලියන 17ක්) ඇති බව අදාල පොහොර සමාගම් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ අනුව රසායනික පොහොර ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 11,000ක් සහ කාබනික පොහොර සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 6000ක් අදාල සමාගම්වලට ගෙවීය යුතු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
පසුගිය වසරේ දී හිඟ මුදල් රුපියල් මිලියන 4000ක් ගෙවා ඇතත්, තවත් රුපියල් මිලියන 17,000ක් ගෙවීමට ඇතැයි අදාල පොහොර සමාගම් නියෝජිතයෝ ඊයේ (13) පැවැති රුස්වීමක දී හෙළිදරව් කළහ.
අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කර ඇත්තේ රජය විසින් මුදල් ප්‍රතිපාදන ලබා දෙන ආකාරය අනුව අදාල හිඟ මුදල් පියවීමට කටයුතු කරන බව ය.







