රාජ්ය අමාත්ය නිමල් ලන්සා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් රැසකට කතා කර ඇමති ධූර ලබා දීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තමාට මැදිහත් වීමට හැකි බවත් ආණ්ඩුවට එකතුවන ලෙසත් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මෙම ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙක් නිමල් ලන්සා සමග කළ දුරකථන සංවාද පටිගත කර ඇතැයි පොහොට්ටුවේ ප්‍රධානියෙක් ලංකාසර කළ විමසුමක දී පැවසුවේය.
බැසිල් රාජපක්ෂ සමග මේ ගමන යා නොහැකිබවත් එකතු වී වැඩ කිරීම සඳහා ජනාධිපතිවරයා සමග එක්වන ලෙසත් නිමල් ලංසා විසින් ඉල්ලා සිටියේ යැයි එම ආරංචි මාර්ග කීවේය.
කෙසේ වෙතත් මේ වනවිට පක්ෂයේ සාමුහිකත්වය බිඳ දමා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීම හේතුවෙන් පොහොට්ටුවේ තරුණ දේශපාලඥයින් ඇතුළු ප්‍රධානීන් කීප දෙනෙක් වෙත පොහොට්ටු ප්‍රබලයින්ගේ දැඩි දෝෂ දර්ශනය එල්ල වී තිබේ. මේ පිරිස ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පොහොට්ටුවේ කණ්ඩායමක් වැඩ අඹා ඇති බව ද දැනගන්නට ඇත.







