පොලොන්නරුව පූජා භූමියේ පෞරාණිකම වටිනාකම සහිත ස්ථානය ලෙස හඳුනාගෙන ඇති ඓහිතිහාසික ගෝපාල පබ්බත භූමිය යළිත් වරක් ඊයේ (04) රාත්‍රියේ පුරාවස්තු පහරන්නන්ගේ විනාශයට ලක් වී තිබේ.
නිරන්තරව පුරාවස්තු සංහාරකයන්ගේ විනාශයට ලක්වන මෙම ස්ථානය විශේෂයෙන් ආරක්ෂා කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් විශේෂ මුරකුටියක් පිහිටුවා ඇතත් මෙම අනවසර කැණීම සිදුවී ඇත්තේ එම මුරකුටියට මීටර පනහකට නුදුරින් පේන මානයේය. ඊට මදක් දුරින් ගල්විහාර පොලිස් මුරපොලද වේ.
එවැනි තත්වයක් තුළ මෙම කැණීම සිදුවීමත් කැණීම සිදුකළ පුද්ගලයන්ගේ ඇඳුම් පවා එම ස්ථානයේ දමාගොස් තිබියදීත් මේ වනතුරුතු නිශ්චිත පරීක්ෂණයක් ආරම්භ නොවීමත් සම්බන්ධව වාර්තා වේ.
පොලොන්නරු යුගයේ සංවර්ධනය වුව ද ආගමික ස්ථානයක් ලෙස ආලාහණ පිරිවෙන අනුරාධපුරයේ මුල් භාගය තෙක් දිවෙන බව කියන ප්‍රධානම සාධකය ගෝපාල පබ්බතය යි. මෙම ස්ථානයේ ඇති කටාරම් සහිත ගල්ලෙනෙහි ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් සෙල් ලිපියක් ඇත. “මඩලය“ නැමැත්තා විසින් භික්ෂූන්ට පූජාකළ බව වූ සටහන සහිත එම ලෙන පිහිටි පර්වතයේ බ්‍රාහ්මීය අක්ෂර සහිත තවත් සෙල් ලිපි දෙකක් හමුවේ. පරාක්‍රමබාහු රජතුමා විසින් ආලාහන පිරිවෙන කරවන විට එහි නැගෙනහරි සීමාව ලෙස ගෙන ඇත්තේ ගෝපාල පබ්බතය බව චූළවංශයේ කියැවේ.