අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සුදුමහත්තයාගෙන් ඇමතුමක් එනතුරු තවමත් බලාගෙන ඉන්න අම්මා සොයාගෙන කැන්දලියද්දපාළුවට ගියෙමි…

by editor
දෙසැම්බර් 5, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ලෝකය තවමත් අශිෂ්ට ගෝත්‍රික තැනක් බව යළිත් ප්‍රකට වූයේය. ඒ තිරශ්චීන ඝාතනය ශිෂ්ඨාචාරයේ මහා ප්‍රතිමානයන් පිළිබඳ අධිමානයෙන් සිටි ලෝකය තිගැස්වූ අයුරු දුටුවෙමු.

සිය දයාබර සැමියා, , ඥාතියා, අසල්වැසියා, මිතුරා පහර දී  මග දිගට ඇදගෙන ගොස් පණ පිටින් පුලුස්සා මරා දමන ආකාරය ඔල්වසරන් දෙමින්  බලා සිටින අර්ධ මනුෂ්‍ය ගෝත්‍රිකයන් දෙස අදහාගත නොහැකි කම්පනයකින් බලාගෙන සිටින කැන්දලියද්දපාලුවේ මිනිසුන් සොයා ගියෙමි.

ප්‍රියන්ත කුමාර දියවඩන පිළිබඳ දැන් ඕනෑවටත් වඩා ලියා ඇත.   පාවෙමින් ඇති තොරතුරු තවමත් අප වටා බ්‍රමණය වෙමිනි.

මට වැටහුනේ එකම එක දෙයකි.  මනුස්ස ජීවිතයේ  වේදනාව කුමක් දැයි තෝරාගන්නට ඔබ කැන්දලියද්දපාලුවට යා  යුතුව ඇත. ඒ බිරිය තමන්ගේ සැමියා දස වද දී මරාදමනු පියවරින් පියවර දැක තිබිණි. මේ ශිෂ්ටයැයි විශ්වාස කළ ලෝකයේ සිහිනයකිනුදු අපේක්ෂා නොකළ තුච්ච තිරිසන් ඝාතනයට සිය පියාව ලක්වනු දැක තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ මිනිස්සුන්ගෙන් තවත් මොනවා අහන්නදැයි තේරෙන්නේ නැත. ප්‍රියන්තගේ අම්මා අසූ වියැතිය. මේ මොහොත වනතුරුත් ඇය තමන්ගේ පුතාට අත්වුණු ලෝකය කම්පාකළ ඉරණම දන්නේ නැත. ඇය තවමත් සුදු මහත්තයාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන තුරු අපේක්ෂාවෙනි.

ප්‍රියන්තගේ බිරිය සහ දරු දෙදෙනා…

ප්‍රියන්ත ඒ පවුලේ බාලයා ය.  පවුලේ වැඩිමල් සහෝදරියන් තිදෙනෙක් සහ   සහෝදරියන් දෙදෙනෙකි.  පොඩිම එකා පවුලේ සුදු මහත්තයා වුනේය.

සුදු මහත්තයාගේ ළමා කාලය රැකවරණය සෙනෙහස ලැබුණ ද ඒ තරම් සුකර එකක් වූයේ නැත. පුංචි සන්දියේදීම තාත්තා මිය ගියේය. ඒ අම්මා මේ දරුවන්ට උගන්වන්නට කරඳඬු මහත් කරන්නට නොවිඳිනා දුක් වින්දේය. එහි අග්‍රඵලය වූයේ ප්‍රියන්තය.

ප්‍රියන්ත දරු දෙදෙනා සහ බිරිය සමග වසර කීපයකට පෙර ගත් ඡායාරූපයක්…

ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලයෙන්, මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ප්‍රියන්ත කැලණිය ධර්මාලෝක විද්‍යාලයෙන් උසස්පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබිණි.   ඔහුගේ විෂය වූයේ    කර්මාන්ත ඉංජිනේරු විද්‍යාවය.  ඔහු ස්වකීය මුල්ම රැකියාව අරඹන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි. වෘත්තීය ජීවිතයේ අපේක්ෂා සහිත ගමනක් මේ බුද්ධිමත් තරුණයා සතුව තිබිණි.

ප්‍රියන්ත  පාකිස්ථානයේ කර්මාන්තශාලාවක සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වන්නේ බ්‍රැන්ඩික් ආයතනයේ සේවය කරන අතරය. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වීම ඔහු සිතුවේ ජාත්‍යාන්තරය ස්ඵර්ශ කිරීමක් ලෙසය.  එහෙත්  ඔහු ඒ ඉරණම් ගමන ගොස් තිබුණේ කවදාවත් ශිෂ්ටාචාරවත් නොවන ම්ලේච්ඡයන්ගේ සමාජයකටය.

ප්‍රියන්ත කාර්මික ඉංජිනේරු කළමනාකරුවෙකු ලෙස පකිස්ථානයේ ඇඟළුම් කම්හලක සේවයට එක් වන්නේය. සියල්කෝට්හි රාජ්කෝ නැමැති ක්‍රීඩා ඇඟළුම් නිශ්පාදනය කරන මෙම කම්හලට ඔහු සම්බන්ධ වන්නේ මීට වසර 09කට පෙරය. වර්ෂ 2012 දීය. මේ කර්මාන්ත ශාලාව සාර්ථකත්වයට ගෙනියමින් ප්‍රියන්ත ද පියවරින් පියවර සිය වෘත්තීය ගමන්මගේ ඉහළට ගියේය. පකිස්ථානු  20යි විස්ස කණ්ඩායමේ නිල ඇඳුම නිර්මාණය කරන්නට එම කර්මාන්ත ශාලාවට ලැබෙන විට ඔහු එහි සාමාන්‍යාධිකාරීවරයා ය.

ප්‍රියන්තගේ කැපවීමෙන් ගොඩනැගුණු සියල්කොට් හි රාජ්කෝ කර්මාන්ත ශාලාව…

ප්‍රියන්තගේ වැඩිමල් සහෝදරයන් දෙදෙනාත් පාකිස්තානයේ ඇඟලුම් කර්මාන්ත රැකියා  සඳහා පිටත්ව යන්නේ මේ අතරය.  ඔවුහු සියල්ලෝම පකිස්තානයේ ජීවත් වූහ.

“ ඒ රට මහා පුදුම රටක්. රට පිළිබඳවත්, ඒ රටේ මිනිස්සුන්ගෙ සිතුම්පැතුම් පිළිබඳවත් මල්ලිට හොඳ අවබෝධයක් තිබුණා. එයා ඒ මිනිස්සු එක්ක ගනුදෙනු කළේ හරිම සංයමයකින්. කල්පනාවෙන්.“ එසේ කියන්නේ ඔහුත් සමග පකිස්ථානයේ එකටම ජීවත් වෙමින්  ඔහුගේ හැසිරීම පිළිබඳ ලඟින්ම නිරීක්ෂණය කළ  සහෝදරයන්ය.

ප්‍රියන්තගේ පොඩි අයියා අපට කී කතාව මෙසේය.

” මමත් මල්ලිත් කාලයක් එකම ආයතනයක සේවය කළා. මල්ලි හැම වැඩට ම ඉතා දක්ෂයි. ඔහුට මේ ආයතනයේ සේවය සඳහා ආරාධනාවක් ලැබුණා. ඔහු යන විට ඒ ආයතනය තිබුනෙ මැෂින් පහක් පමණයි. මේ වන විට මැෂින් 2500 ක් සහිත අන්තර්ජාතිකව පිළිගත් විශාල ආයතනයක් බවට පත් කරන්නට මල්ලිට හැකියාව ලැබුණා. ඒ නිසා ආයතනය හිමි ප්‍රධානියා මල්ලිට බොහොම කැමතියි. ඔහු මල්ලිට කිහිප වතාවක්ම කිවුවා පවුලේ සියලු දෙනාම පාකිස්තානයට කැටුව එන ලෙස.“

“නමුත්  මල්ලිට උවමනා වුනේ ලංකාවට ඇවිත් පුතාල දෙන්නයි බිරියයි අම්මයි සහෝදර සහෝදරියෝ ටිකයි එක්ක සතුටින් ජීවත්වෙන්න. “

ඔහුට පකිස්ථානයෙන් නික්මෙන්නට අවශ්‍ය වී තිබුණේය. හැකි ඉක්මනින් ලංකාවට පැමිණ පවුල සමග එක්වීමේ අභිලාෂය ඉටු කරදීමට ඒ ආයතන ප්‍රධානීන් ප්‍රියන්තට ඉඩ දුන්නේ නැත. පොඩි අය්යා ඒ ගැන කියන්නේ මෙසේය.

“මල්ලි පහුගිය 2020 වසරේ ලංකාවට එන්න සෑහෙන්න උත්සාහ කළා.  නමුත් ආයතනයෙන් ඉවත් වෙන්න ඔහුට ඉඩක් දුන්නෙම  නෑ. ඔහු පකිස්ථානයේ තවදුරටත් රැඳී සිටියේ  ඔහු ගොඩනැගූ කර්මාන්ත පරිසරය ගැන   සංවේදීව   කල්පනා කළ නිසා.“

“ මේ අමානුෂික සිද්ධිය වෙන්නේ රාජකාරි කටයුත්තක් සඳහා  දින කීපයකට ආයතන ප්‍රධානියා    ජර්මනියට පිටත් ව ගොස් තිබෙද්දී.  මේ අවස්ථාවේ ආයතනය මුළුමනින්ම පාලනය කර තිබුණේ මල්ලි.“

“මේ අවස්ථාවේ   ආයතනය තුළ විරෝධතාවයක් පැවතිලා තියෙනවා. එහිදී මල්ලි ගත් තීරණයක් නිසා තමයි මේ මිනිස්සු මල්ලිව අමානුෂික විදිහට ඝාතනය කළේ.“

පිලිස්සෙන සිරුර සමග සෙල්ෆි ගන්නා ගෝත්‍රිකයෝ…

“මෙතන වෙන කතාවක් තියනවා.  මේ වියරු මිනිස්සුනගෙ   ආගමට හෝ වෙනත් විශ්වාසයන්ට ගරහන්න   මල්ලි මෝඩ නෑ. ආයතනය තුළ කැරළි ගැසූ පුද්ගලයන් විසින් ආගමික අන්තවාදීනට සන්නිවේදනය කරලා තියෙන්නෙ මල්ලි ආගමට විරුද්ධයි කියලා. “

“මල්ලි මේ ආයතනය මොන තරම් දියුණු කළා ද කියනවා නම් යුරෝපයේ ඇඟලුම් කර්මාන්ත ශාලා පිළිබඳ වන ලැයිස්තුවේ මුල් පෙළට මේ ආයතනයේ නම රඳවන්න තරම් ඔහුගේ හැකියාව දක්ෂකම ඉහළ තැනක් ගෙන තිබුණා. වර්ල්ඩ් කප් 20යි විස්ස ටීම් එකට වගේම වෙනත් ප්‍රසිද්ධ ක්‍රීඩා කණ්ඩායම් සඳහා ටීෂර්ට් මහලා දුන්නේ මේ ආයතනයේන්.“

මෙම ඝාතනය සම්බන්ධව විස්තර ප්‍රමාණයක් පන්ජාබ් පොලිස්පති සර්දාර් අලි ඛාන් විසින් ඊයේ (04)  හෙළිදරවු කර තිබිණි. ඔහුට අනුව මේ ඝාතනයට හේතුව විදේශ නියෝජිත කණ්ඩායමක් පැමිණීමට පෙර කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවල අලවා තිබුණු ආගමික සටහන් ඇතුළත් ස්ටිකර් ඉවත් කරන ලෙස ඔහු විසින් සිදුකරන ලද දැනුම් දීමය.

මේ එන විදේශ නියෝජිත කණ්ඩායම කළමනාකරණය කළේ ජර්මනියට ගිය  මෙම ආයතනයේ ප්‍රධානියාය. ඒ වනවිට ආයතනය විධිමත්ව පවත්වාගැනීමේ වගකීම පැවරී තිබුණේ ප්‍රියන්තටය.

මේ පියවරට විරෝධය පළ කළ ඇතැම් කම්හල් සේවකයන් ඔහු ඉස්ලාම් දහමේ විරෝධියෙක් බව කියමින් ඔහුට එරෙහිව විරෝධතාවයක් දියත් කර ඇති බවත්, ඔවුන් පැමිණ ප්‍රියන්ත කුමාර  රැගෙන ගොස් පහර දී මහ මහගදී ඝාතනය කර පුලුස්සා දැමූ බවත් පොලිසිය ඊයේ (04) කීවේය.

ආයාසයෙන් යුතුව ඒ අයියා කියන කතාව අසාගෙන සිටියෙමි.

“දැන් මොන තරම් මල්ලිගෙ ගුණ කිව්වත් වැඩක් නෑ . ඔහු දස දුක් විඳලා මේ ජීවිතෙන් සමු අරගෙන යන්න ගිහින්. අම්මා අදටවත් මේ මොහොතටවත් මල්ලි මැරුණ බවක් දන්නේ නෑ ඇයට ඒ දුක දරා ගන්න බැරි වේවි. ඇය දැන්  වයසයි. නමුත් මල්ලිගෙ දුරකථන ඇමතුම එනකම් මග බලාගෙන ඉන්න නිසා අපි කිව්වා එයාට කොවිඩ් හැදිලා හොඳටම අමාරුයි කියලා.“

“ලෝකයක් අඬවලා ගිය මල්ලිගේ සිදුවීම මේ ලෝකෙට තවත් එක් සිද්ධියක් විතරයි.  අදින් පස්සේ මල්ලිගේ පුතාලා දෙන්නටත් බිරිඳටත් මේ ලෝකෙ තනි වෙන්න සිද්ධ වෙනවා. බිරියට ස්වාමියා ත් පුතාලා දෙන්නට තාත්තා ත් ජීවිතකාලෙටම නැති වෙනවා .ඒ දුක ජීවත් වන කාලය පුරාවටම විදින්න වෙන්නේ මල්ලිගේ සහෝදරයින් සහෝදරියන් බිරිඳ පුතාලා වන අපට විතරයි.“

එයට දිය හැකි තක්සේරුව කුමක් දැයි ඔහු විමසමින් හිඳී. ඒ දරු දෙන්නා ගොළු වී සිටිති. ඔවුන් අවුරුදු 14ක් සහ 9ක වන පුතුන්  දෙදෙනෙකි..  ප්‍රියන්තගේ බිරිය තවමත් මේ කම්පනය දරාගත නොහැකිවය.

මේ ම්ලේච්ඡකම පිළිබඳව පිළිකුල හා විරෝධය පකිස්ථානයේ ජන සමාජය තුළින්ම මතුවෙමින් තිබේ. පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මේ ම්ලේච්ඡ ක්‍රියාව සම්බන්ධව දැඩි කම්පනයෙනි. ඔහු ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ජනාධිපතිවරයාව අමතමින් යුක්තිය හා සාධාරණය වෙනුවෙන් කැපවන බව දන්වා සිටී.

Tweets by ImranKhanPTI

පකිස්ථාන විදේශ ඇමති ෂා මහමුද් කුරේෂි දුකරථනයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා අමතා පකිස්ථාන රජයේ ශෝකය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම අපරාධය සිදුකළ අයට උපරිම දඬුවම් ලබා දෙන බවට ඔහු සහතික වී ඇත. පකිස්ථාන රජය මේ ඝාතනය සඳහා වන්දි ගෙවීමට සූදානම් බව දන්වා තිබේ.

මගට බැස සිය පිළිකුල සහ ශෝකය ප්‍රකාශ කරන පකිස්ථානුවන්….

සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ශෝකය පල කෙරිනි.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්  සහතික වූ අයුරින්ම මෙම සිද්ධිය සම්බන්ධව පියවර ගනු ඇතැයි විශ්වාසකරන අතර එරට රැඳීසිටින අනෙකුත් සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර සිටියේ පකිස්තානයේදී ප්‍රියන්ත ට අන්තවාදී මැර පිරිසක් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා මාරාන්තික ප්‍රහාරය දැකීමෙන් තමන් කම්පා වූ බව කීවේය.   ඔහුගේ බිරිඳ සහ පවුලේ අය වෙත සංවේගය පළ කරන අතරම අගමැති ඉම්රාන් ඛාන් මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවාලීමට කැපවනු ඇතැයි ශ්‍රී ලාංකික ජනතාව විශ්වාසයෙන් පසුවන බවද අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්   යුක්තිය පිළිබඳ ලබාදුන් පොරොන්දුව ගරු කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

හෙට ඒ පුලුස්සා අලු කළ සිරුරු කොටස් ලංකාවට එනු ඇත.  එහෙත් අපි මේ පුංචි එකාට කියන්නේ කුමක් ද?.

පුතේ… ලෝකය හෙටත් එච්චර ලස්සන එකක් නොවෙන බව හිතේ තියාගෙන ලොකු වෙන්න….

පුතේ… ලෝකය ඒ තරම් යහපත් තැනක් නොවන බව දැනගෙන ලොකු වෙන්න…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තිස්පන් දහසක් පකිස්තානුවන්ට ශ්‍රි ලාංකිකයන්  ඇස් දන් දුන්නා… ඒත් අපට පෙනීමක් ගන්න බැරිවුණා…

Next Post

පොලොන්නරු පුදබිමේ පෞරාණිකම බිම්පෙත “ ගෝපාලපබ්බතය “ යළිත් නිදන් හොරුන්ගේ ප්‍රහාරයට….

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.