අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තිස්පන් දහසක් පකිස්තානුවන්ට ශ්‍රි ලාංකිකයන්  ඇස් දන් දුන්නා… ඒත් අපට පෙනීමක් ගන්න බැරිවුණා…

සියල්කොට්හි අන්තවාදී ඝාතනය ගැන එරට ප්‍රකට අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් කියන කතාව!

by editor
දෙසැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලාංකිකයන් පාකිස්තානුවන් තිස්  පන් දහසකට පෙනීම ලබා ගැනීමට ඇස් දන් දී තිබුණද රටක් ලෙස අපට දෘෂ්ටියක් නැති බව සියල්කොට්හිදී අන්තවාදීන් අතින්  ශ්‍රි ලාංකිකයකු කෘෘර ලෙස ඝාතනය ලක් වීමෙන් පෙනෙන බවත් පාකිස්තානුවන්ට සිදුව ඇත්තේ ලජ්ජාවෙන් හිස හංගා ගැනීමට පමණක් බවත් එරට ප්‍රමුඛතම පෙළේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් පවසයි.

කරච්චියේ සුප්‍රකට අක්ෂි රෝහලක ප්‍රධාන අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය නියාස් බ්‍රෝහි එරට රූපවාහිනි නාළිකාවකට පවසා ඇත්තේ ශ්‍රි ලංකාව 1967 සිට මේ දක්වා පාකිස්තානුවන්ට ඇස් දන් දෙන බවත් ශ්‍රි ලාංකිකියන් විසින් තමන් මිය ගිය පසු දන් දෙන ඇස්වලින් වැඩිම කොටසක් ලබන්නේ පකිස්තානය බවත්ය.

ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය සමඟ සමීප සබඳතාවක් පවත්වන වෛද්‍ය නියාස් බ්‍රෝහි පවසා අත්තේ සියල්කොට්හි අපනයන කර්මාන්ත ශාලාවක සාමන්‍යාධිකාරීවරයා ලෙසින් කටයුතු කළ ප්‍රියන්ත කුමාර දියවඩන   කෘෘර ලෙස වධ බන්ධනවලට ලක් කාට ඝාතනය කර මහ පාරේ දමා ගිනි තැබීම අතිශයින්ම සාහසික ක්‍රියාවක් බවය.

“ අපට තිස් පන් දහසක් ශ්‍රි ලාංකිකයන්ගේ ඇස් දන් දුන්නත් එයින් නිසි පෙනුමක් රටක් ලෙස ලබාගෙන නැහැ“ ඔහු වැලපෙන්නේ එසේය. මේ වනවිටත් වෛද්‍ය නියාස් බ්‍රෝහි ශ්‍රි  ලංකා අක්ෂිදාන සංගමය වෙත සමස්ත පාකිස්තානුවන් වෙනුවෙන් සිය කණගාටුව පළ කර ඇති බවද එම රූපවාහිනි නාළිකාවට ඔහු පවසා ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර එරට ප්‍රියන්ත කුමාර   ඇසුරු කළ ඔහු දන්නා කියන පකිස්තානුවන් මේ සිදුවීම මත සිටිනුයේ දැඩි  කෝපයෙන් සහ කලකිරීමෙනි. ඔහු ඉතා දක්ෂ කළමනාකරවරයකු බවත් මානව හිතවාදී ලක්ෂණයන්ගෙන් හෙබි පුද්ගලයකු බවක් ඔවුහු පවසති. සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා ඇති එක් පකිස්තානුවකු ඔහු හඳුන්වා දී ඇත්තේ දුප්පත් කම්කරුවන් දෙස පවා සානුකම්පිතව බලන කළමනාකාරවරයකු ලෙසය.

“ඔහු කර්මාන්ත ශාලාවේ සේවකයකු හදිසියේ අසනීප වුහොත් තමන්ගේම මෝටර් රථයෙන් කර්මාන්ත ශාලා රෝහලට යවනවා. පසුව ඔහු ට පෞද්ගලිකව මූල්‍ය උපකාර පවා කරමින් ඔහු සුවය ලැබූ විට  නිවසට ඇරලවනවා.“

“ ඔහු ආගමකට අපහාස කළා  කියන එක පිළිගන්න බැරි කතාවක්.  වසර 11ක්ම පකිස්තානයේ ජීවත්වන පුද්ගලයකු හදිසියේ එහෙම වෙන්න විදිහක් නෑ. ඔහු මිනිස්සුන්ට පවා ගරු කළ අයෙක්. ආගමකට අපහාස කිරීමක් වුණේ නෑ.“

මෙම ආයතනයට විදේශ කණ්ඩායමක් පැමිණෙන්ට සිටියා. ඔහු හොරුන්ට එරෙහිව දැඩි ලෙස විනය පියවර ගත්තා. අලස පුද්ගයන්ට එරෙහිව පියවර ගත්තා. එහෙත් ඔහු කර්මාන්ත  ශාලාව වගේම සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රමිතීන් වැඩි දියුණු කිරීමට උදව් කළා. එතන සිදුවුණේ පෞද්ගලික පලිගැනීමක් ආගමික අපහාසයකට පරිවර්තනය වීමයි. “

තවත් පකිස්තාන පුද්ගලයකු එවැනි සටහනක් සමාජ මාධ්‍ය  තුළ තබා තිබුණි.

“ඔහු ඉවත් කළා  කියන්නේ යම් දේශපාලන සංවිධානයකට අයත් පෝස්ටරයක්. කර්මාන්ත ශාලාවක් තුළ එවැනි පෝස්ටර ප්‍රදර්ශනයට සාමාන්‍යාධිකාරීවරයා විරුද්ධ වීම සාමාන්‍යයි. දේශපාලන පොස්ටර ආයතන තුළ තහනම් කළ යුතුයි. මේ විදිහට ගියොත් පකිස්තානයේ රැකියාවක් කරන්න ආයෝජනයක් කරනන් කිසිදු විදේශිකයකු එන එකක් නෑ. “

තවත් පකිස්තාන ජාතියකු අපෙක්ෂා භංගත්වයකින් යුතුව එවැනි සටහනක් සමාජ මාධ්‍ය තුළ තබා ඇත.

එමෙන්ම එරට මාධ්‍ය ශ්‍රි ලංකාවේ ජනතාවගේ මිත්‍රශීලී සාමකාමී ස්වභාවය ඉහළින් අගය කොට තිබූ අතර පකිස්තානයේ අපනයන සංවර්ධනයේ දී සහ එරට විදේශ විනිමය ඉපැයීම්වලදී මිය ගිය ප්‍රියන්ත කුමාර   වගේම තවත් ඉහළ කළමනාකාරීත්ව වගකීම් දරන ශ්‍රි ලාංකිකයන් ගණනාවක්ම සිටින බව සඳහන් කරයි. ඔවුන් බොහෝමයක් කරච්චිය පසුබිම් කරගෙන පකිස්කානය වෙනුවෙන් සේවය ලබා දෙන බවත් මෙ සිදුවීම තුළින් ඔවුන් කලකිරීමට පත්ව රට හැර ගියහොත් එය ඔවුන්ගේ ආර්ථිකයටද බලපෑමක් වනු ඇති බවත්  එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. .   

 

Share69Tweet43
Previous Post

කෙසෙල්වතේ පවාස් ඝාතනය කරයි !

Next Post

සුදුමහත්තයාගෙන් ඇමතුමක් එනතුරු තවමත් බලාගෙන ඉන්න අම්මා සොයාගෙන කැන්දලියද්දපාළුවට ගියෙමි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.