මනම්පිටිය නිමල් ජයරත්න –
-
සිදුවූයේ වැරැද්දක් බව දිස්ත්‍රික් ලේකම් කියයි… තමන්ට කළ විනාශයට එරෙහිව නීතිය ඉදිරියට යන්න උදව් කරන්නැයි දැරිය ආයාචනා කරයි…
මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 8 වසරේ අධ්‍යාපන ලබන 13 හැවිරිදි දැරියක් ආර්ථික දරිද්‍රතාවය නිසා තමන්ගේ පාසල් ගමන මගහැරි ඇතැයි කළ ප්‍රකාශයකින් සැකසුන පුවත්පත් වාර්තාවක් සඳහා සිය නිරීක්ෂණ දක්වමින් එම සිසුවිය අනියම් සබන්ධතාවයකින් ගැබ් ගත් බාල වයස්කාර මවක් බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ජනාධිපතිවරයා ඇතුළු සියලුම බලධාරින්ට ලිඛිතව දැන්වූ සිදුවීම මුලුමනින්ම අසත්‍යයක් බව හෙලි වී තිබේ.
මේ වනවිට එම දැරිය බලවත් සිත් තැවුලට පත් වී නීතියේ පිහිට සොයමින් සිටින බව වාර්තා වේ.
දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ වාර්තාවක් මත පදනම්ව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පසුගිය දෙවැනිදා එම ලිපිය ජනාධිපති මාධ්‍ය අංශයට, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට මෙන්ම, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට යොමු කර ඇත.
සොයා බැලීමකින් තොරව සිදුකළ මෙම ප්‍රකාශය හේතුවෙන් ජීවත්වීමත් එපා වී සිටින බව පවසන එම දැරිය ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උදව් කළ හැකි කවරෙක් හෝ සිටී නම් ඉදිරිපත්වන ලෙස ආයාචනා කරයි.
තමන් සති දෙකකට අධික කාලයක් පාසල් නොගියේ පාසල් යෑමට බස් ගාස්තු නොමැතිවීමත්, අවශ්‍ය පොත්පත් නොමැති වීම සහ ආහාර හිඟයක් පවතින නිසා බව මලීශා සෙව්වන්දි බංඩාර දියණිය මාධ්‍යයයට ප්‍රකාශ කර තිබිණි.
මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන 13 වියති මෙම දියණිය බාලවයස්කාර මවක් බවට සඳහන් කරමින් අදාළ ආයතන වලට යොමු කර ඇති ලිපිය සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ධර්මසිරිගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙසේය.
“ඒක මම නිවරදි කරලා යවනවා, මට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලියුමක් ගෙන්ත් දුන්නා ඒ දැරිය එහෙම තත්ත්වයක නෑ කියලා. ඒ නිසා ලියුම් දාපු හැමතැනටම ඒක නිවරදි කරලා යවනවා“ යැයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
mema sidhuweema pilikulen yuthuwa helaa dhakinnemu. karunaa kara sidhuwiima gena dhannaa ayek ho pawule ayek sambandha karawanna .
Whilst condemning this , may we request you to get in touch with us / let a parent contact us in order to help the family to safeguard rights of this girl.
UNITED HUMAN RIGHTS ORGANISATION 070 50 50 606