කීර්ති ප්‍රනාන්දු –
බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ 6800ක් පමණ ලියාපදිංචි වී ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය පවසයි .
බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමේ සහ නියාමනය කිරීමේ වැඩසටහන ඉකුත් 01 දා ආරම්භ වූ බවත් මාස තුනක පමණ කාලයක් ත්‍රීරෝද රථ ලියාපදිංචිය සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එම ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානි ජීවින්ද කීර්තිරත්න පවසයි .
මෙම ත්‍රිරෝද රථ ලියාපදිංචිය යටතේ එහි රියදුරුද ලියාපදිංචි විය යුතු අතර ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පළාත තුළ මගී ප්‍රවාහන අවසර පත්‍රයක් ද නිකුත් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය .
ත්‍රීරෝද රථ වෘත්තිකයන් ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මෙන්ම එහි ගමන් කරන මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම ,ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙම ලියාපදිංචි කිරීමේ මූලික අරමුණ බවද අධිකාරිය පවසයි .
මේ වන විට බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ ලක්ෂ 04 පමණ පවතින බව දැන
ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වී ඇතැයි ද අදිකාරිය පවසයි .







